මුහුදේදී මිය ගිය ගාල්ලේ තරුණයෙක් අවමගුල සූදානම් කර තිබියදී යළි නිවසට

පසුගිය 08වනදා ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බෝට්ටු 02ක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මිය ගිය බව කී තරුණයා අද යළිත් සුරක්ෂිතව සිය නිවසට පැමිණ තිබෙනවා.

ඔහු මාධ්‍ය වෙත සදහන් කළේ යාත්‍රා අනතුරින් මරණයට පත්වූයේ වෙනත් පුද්ගලයකු බවයි.

එහෙත් වැරදීමක් හේතුවෙන් තමන් මිය ගිය බවට නිවසට පණිවිඩයක් ලබාදී ඇති බවද එම තරුණයා සදහන් කළා.

නම් වැරදියට කියලා

යාත්‍රා දෙක එකිනෙක ගැටීමෙන් මියගොස් ඇත්තේ 22 හැවිරිදි ගාල්ල මහමෝදර සියඹලාගහවත්ත පදිංචිව සිටි තරුණයෙක්.

කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් ගොඩබිමට දැනුම්දීමේදී ඇතිවූ දෝෂයක් හේතුවෙන් අදාළ දැනුම්දීමේ 21 හැවිරිදි ඉෂාන් මංඡුල නම් අයෙකු මෙම අනතුරින් මියගිය බවට සදහන් කර තිබෙනවා.

එම දැනුම්දීමට අනුව අදාළ තරුණයාගේ ඥාතීන් විසින් ඔහුගේ අවමංගල්‍ය කටයුතු සූදානම් කර තිබී ඇති අතර ඔහු යළි ගොඩබිම වෙත පැමිණීමෙන් පසුවයි සිද්ධිය සම්බන්ධ සත්‍ය තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ඔබගේ අදහස අපට කියන්න

Close