රත්නපුර රැළියෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිසක් කළකිරීමෙන්

ඒකාබද්ධ විපක්ෂයේ  රත්නපුර රැලියෙන් පසු මහින්ද පිලේ ප්‍රබලයින් කිහිපදෙනෙකු කලකිරීමෙන් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.

මහින්දානන්ද අළුත්ගමගේ, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, රංජිත් සොයිසා, ජානක වක්කුඹුර යන මන්ත්‍රීවරුන් මෙසේ දැඩි කලකිරීමකින් පසුවන පිරිසට ඇතුලත් බවයි එම වාර්තා හෙළිකරන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසන්නේ රත්නපුරයෙන් පාර්ලිමේන්තු ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී රංජිත් සොයිසා මහතාව නොසලකා හැර ඇති බවයි

ලේකම් ධූරයට සටනක් ?

මහින්ද පිලෙන් නිර්මාණය කිරීමට නියමිත බවට පැවසෙන  පක්ෂයේ ප්‍රධාන ලේකම් තනතුර පවිත්‍රා මන්ත්‍රීවරියට ලබාදෙනවා යැයි ඇමක් දී ඇති බවත් ඒ හේතුවෙන් මම අර්බුධය නිර්මාණය වී ඇති බවත් අදාළ වාර්තා හෙළිකළා.

එදින පැවති රැස්වීම සඳහා මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 51 දෙනොගෙන් සහභාගී වී ඇත්තේ මන්ත්‍රීවරු 37දෙනෙකු පමණි.

ඔබගේ අදහස අපට කියන්න

Close