රමිත් රඹුක්වැල්ල වරද පිළිගනී- 29,000 ක දඩයක් නියම කර මුදා හරී

බීමත්ව රිය පැදවීම ඇතුලු චෝදනා පහක් සම්බන්ධයෙන් වරද පිළිගත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල මහතාට අද අධිකරණය විසින් රුපියල් 29 දහසක දඩ මුදලක් නියම කිරීමෙන් පසු මුදා හැර තිබෙනවා.
ඒ සමගම ඔහුගේ අත්හිටුවා තිබූ රියදුරු බලපත්‍රයද යලි මුදා හැරීමටයි අධිකරණය නියම කළේ.
ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් භාවිත කිරීම හා ලියාපදිංචි නොකළ වාහනයක් පැදවීම යන චෝදනා ඇතුලුව චෝදනා 5ක් රමිත් රඹූක්වැල්ල මහතාට එල්ලවී තිබුණා.
නිදහස් චතුරශ්‍රය අසල ප්‍රදේශයේදී ඔහු ධාවනය කළ මෝටර් රථයක් ගසක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පසුව රමිත් රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබගේ අදහස අපට කියන්න

Close