කෝටි එකසිය පනහක් ගෙවා මෝටර් රථයට අංක තහඩුවක් ගත් ඉන්දියානුවා

මොටර් රථ වාහන අංක තහඩුවක් ලබා ගැනීම සදහා ඔබ කොතරම් මුදලක් වෙන්කිරීමට අපේක්ෂා කරනවාද ? ඇතැම්විට ඔබ උපරිම වශයෙන් ඒ සදහා වැය කරනු ඇත්තේ රුපියල් දෙදහසක පමණ මුදලක් වන්නට පුළුවන. එහෙකත් කිසියම් පුද්ගලයෙක් රුපියල් කෝටි 150 ක මුදලක් ගෙවා මෝටර් රථ අංක තහඩුවක් මිලදී ගනු ඇතැයි ඔබ සිතනවාද ? විශ්වස කිරීමට අපහසු වුවත් එවන් පුවතක් පසුගියදා වාර්තාවුණා. ඒ ඩුබායි රාජ්‍යයෙන්. කෙසේ වෙතත් මේ ක්‍රියාව සිදුකළ පුද්ගලයා ඉන්දියානුවෙක්.
ඔහු ඩුබායි රාජ්‍යයේ රථවාහන අංක තහඩු වෙන්දේසියකදී මෙම අංක තහඩුවයි මිලදී ගනු ලැබුවේ.

dubai-businessman

රෝල්ස් රොයිස් රථයට

මෙම විශේස අංක තහඩුව තම රෝල්ස් රොයිස් මෝටර් රථය වෙනුවෙන් භාවිතා කරන බවයි බලවින්දර් සහානි පවසන්නේ. මෙහිදී තවත් පුද්ගලයකු කෝටි 80 ක පමණ මුදලකට තවත් අංක තහඩුවක් මිලදී ගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ඔබගේ අදහස අපට කියන්න

Close