ගෝඨාභය උසාවි ගෙනයාම අනුමත කරන්නේ නැහැ – ජනපති මෛත්‍රීපාල කියයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු නාවික හමුදාපතිවරු 3න් දෙනකු අදිකරණයට ගෙන යාමේ සිද්ධිය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තමන් අනුමත නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද පදනම් ආයතනයේදී පැවැති උත්සවයකට එක්වෙමින්.

කිසිදු අවස්ථාවක ආරක්ෂක අංශ දුර්වල කිරීමට සහ රණවිරුවන් අපකීර්තියට පත් කිරීමට තමන් කටයුතු නොකළ බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
උසාවියට දුරකථන ඇමතුම් ලබාදීම , ස්වාධීන කොමිෂන් සභාවලට ඇගිලි ගැසීම හෝ විනිශ්චරයකාරවරුන්ට බලපෑම් එල්ල කිරීම , ස්ත්‍රී දූෂණ ,මංකොල්ලකෑම් හා අපරාධ චෝදනා ලැබූ පිරිස් නිදහස් කිරීම තම ප්‍රතිපත්තිය නොවන බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කළේ.

දේශපාලනයට රණවිරුවන් ගාවගන්න එපා

රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් රටේ සියලු ජනතාව වෙනුවෙන් යුතුකම් හා වගකීම් ඉටු කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

යුධ ගුවන් හා නාවික හමුදා සාමාජිකයින් දේශපාලන අතකොලු බවට පත් කර නොගන්නා ලෙසද මෙහිදී ඉල්ලීමක් කර තිබෙනවා.

පවත්නා තත්ත්වය තුල රට ගොඩනැගීමට ස්ථාපිත කළ ස්වාධීන කොමිෂන් සභා දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුකූලව කටයුතු නොකළ යුතුයි.

යම් ගැටලුවක් සම්බන්ධයෙන් පරීක්ෂා කළ යුතු ක්‍රමවේදයක් පවතින බවත් නීතිය සැමට සාධාරණ විය යුතු බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා අවදාරණය කර තිබෙනවා.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close