වෙළදපලේ පොල්තෙල්වලින් සියයට 50ක විවිධ ද්‍රව්‍ය මිශ්‍ර කර ඇතැයි හෙළිවෙයි

වෙළඳපලේ ඇති පොල්තෙල් වලින් සියයට 50කට අධික ප්‍රමාණයකට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ඒ කේ ඩී ඩී ඩී අරන්දර මහතා මේ බව සදහන් කළේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම තත්ත්වය තුල බෝතල් කරන ලද තෙල් මිලදී ගැනීම වඩාත් උචිත බවයි ප්‍රකාශවන්නේ.

ඊට අදාළ නව නියාමනයක් සිදුකරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close