බැදුම්කර ගණුදෙනුවට සම්බන්ධ සමාගමේ ගිණුම් සීල් තබන්නැයි රජයට ඉල්ලීමක්

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑනාට සම්බන්ධ සමාගමේ ගිණුම් රජය විසින් වහාම මුද්‍රා තැබිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සදහන් කළේ  බොරැල්ල ආචාර්ය ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් .

මෙරට ඉතිහාසයේ සිදුවූ විශාලතම මූල්‍ය වංචාව එය බවයි දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ.

බිලියන 15ක ලාභයක් ලබලා

ඒ සම්බන්ධයෙන් වූ වාර්තා මගින් මෙම සමාගම රුපියල් බිලියන පහක සිට බිලියන 15 දක්වා අනිසි ආදායමක් ලබා ඇති බවද ගුණවර්ධන මහතා පැවසුවා.

එම සමාගම උපයාගත් ආදායම සැකයකට ලක් වන බවද මේ සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කළ පැමිණිල්ල සම්බන්ධයෙන්ද කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බවටයි ඔහු චෝදනා එල්ල කළේ.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න