ඔස්ටේ්‍රලියාවට අන්ත පරාජයක් – දකුණු අප්‍රිකාව එක්දින තරග 5ම ජය ගනී

ඔස්ටේ්‍රලියාවට එරෙහි එක්දින තරගාවලිය 5 ට 0 ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.
ඒ ඊයේ නිමාවූ 5 වන එක්දින තරගය ලකුණු 31කින් ජය ගනිමින්.
කේප් ටවුන් හී පැවැති තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 8කට ලකුණු 327 ක් ලබා ගත්තා.
රිලී රසෝව් ලකුණු 122යි.
පෝල් ඩුමිනි ලකුණු 73 යි. පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ඔස්ටේ්‍රලියාව පන්දුවාර 48 යි පන්දු 2කදී සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 296 ක් පමණයි.
හුදෙකලා සටනක නිරතවූ ඩේවිඩ් වර්නර් විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 173 ක් ලබාගත්තා.
තරගයේ වීරයා සම්මානයද වෝනර් හිමිකර ගත් අතර තරගාවලියේ වීරයා රිලී රසෝව්.

ඔබගේ අදහස අපට කියන්න

Close