ට්‍රම්ප් ආවොත් ලෝකය විනාසයි / මානව හිමිකම් මහ කොමසාරිස් කියයි

අමෙරිකානු ජනපති ධූරයට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වුවහොත් ලෝකයේ අර්බුධ රැසක් නිර්මාණය විය හැකි බව ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් රාඩ් අල් හුසේන් මහතා පවසනවා.
ඔහු පවසන්නේ මේ වන විටත් ට්‍රම්ප් මහතාගේ ප්‍රකාශයන් හේතුවෙන් ජගත් සංවිධානයටද බලපෑම් එල්ලව ඇති බවයි.
යම් හෙයකින් ඩොලන්ඩ් ට්‍රම්ප් ජනපති සටන ජය ගත හොත් ලෝකයේ රටවල් ගණනාවක් අනාරක්ෂිත වන ඇති බවද මහ කොමසාරිස්වරයා පවසා තිඛෙනවා.
මෙම අවස්ථාවේ අමෙරිකානුවන් රට මෙන්ම ලෝකය ගැනද සිතා ජන්දය භාවිතා කළ යුතු බවයි ඔහු පවසන්නේ.
දේශපාලනඥයන් වැදගත් මෙන්ම ජනතාවට ඉදිරියෙන් සිට කටයුතු කළ යුතබවද අල් හුසේන් කුමරුන් අවධාරණය කර තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close