පාකිස්ථාන අගමැති මාධ්‍යවේදියකුට රටින් පිටවීම තහනම් කරයි

පාකිස්‌තාන් අගමැති නවාස්‌ ශරීෆ් සහ බුද්ධි සේවා ප්‍රධානියා අතර පැවැති රහස්‌ සාකච්ඡාවක්‌ අනාවරණ කළ මාධ්‍යවේදියකුට එරටින් පිටවීම තහනම් කර තිඛෙනවා.

ඩෝන් පුවත්පතේ මාධ්‍යවේදි සිරිල් අල්මේදාට එරෙහිවයි මෙම තහනම පනවා ඇත්තේ.

ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් තුනකට එරෙහිව පියවර ගන්නැයි අගමැති නවාස්‌ ශරීෆ් බුද්ධි අංශ ප්‍රදානියාට නියෝග කළ බව මෙම මාධ්‍යවේදියා හෙලිකර තිබුණා.

රජය ප්‍රතික්ෂේප කරලා

පාකිස්‌තාන බුද්ධි සේවාව ත්‍රස්‌ත කණ්‌ඩායම්වලට සහය දැක්‌වීම නිසා පාකිස්‌තානය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් කොන්වන තත්ත්වයක්‌ මතුවී ඇතැයි අගමැති ශරීෆ් මහතා බුද්ධි අංශ ප්‍රධානියාට පැවසූ බවයි මාධ්‍යවේදියා අනාවරන කර තිබුණේ.

එහෙත් එම ප්‍රකාශය අසත්‍යයක් බව එරට රජය නිවේදනය කරනු ලැබ තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close