බැදුම්කර ගණුදෙනුවට අදාළ රහස් ලියවිල්ලක් නිකුත්ව ඇති බව මහ බැංකුව පිළිගනී

ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර ගණුදෙනුවට සම්බන්ධ සමාගමට අදාළ රහස් ලේඛනයක් රහසිගතව මාධ්‍ය වෙත පත්ව ඇති බව මහ බැංකුව පිළිගෙන තිඛෙනවා. මහ බැංකු ආරංචි මාර්ග පවසන්නේ එහි නීති අංශ මේ වන විට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් පවතින බවයි.
අදාළ ගණුදෙනුවට සම්බන්ධ ආයතනය පිළිබද සිදුකරමින් පවතින පරීක්ෂණ අවසන්වීමට පෙර ඊට අදාළ ලේඛන මෙසේ අනාවරණ කර ඇති බවයි හෙළිවෙමින් පවතින්නේ.
එය කිසිදු අයුරකින් නීත්‍යානුකූලව සකස් කළ අවසන් ලියවිල්ලක් නොවන බවත් අදාළ නිවේදනයේ සදහන්.

තවමත් නීත්‍යානුකූල ලියවිල්ලක් නොවේ

එම දත්ත ඇතුලත් ලේඛනය මුදල් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමක් පවා මෙතෙක් සිදුකර නොමැති බැවින් ඊට පෙර අනාවරණය කිරීම තුලින් මහ බැංකුවේ අභ්‍යන්තර ක්‍රියාවලිය පිලිබද විශ්වසය පලුදු කරන්නක් බවද විචාරකයින් පෙන්වා දෙනවා.
මේ පිළිබද ලිපියක් සපයමින් මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු වන එබ්ලිව් ඒ විජේවර්ධන මහතා පවසන්නේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ පාලන සමයේදී මහ බැංකුව ඉමහත් පරිහානියකට ලක්වූ බවයි.
එය 1996 මහ බැංකු බෝම්බ ප්‍රහාරයට වඩා හානිකර බවද ඔහු අවධාරණය කර තිඛෙනවා. (CT)

ඔබගේ අදහස අපට කියන්න

Close