සමාජ ශාලා ගැටුම දා ප්‍රභූ පුත්‍රයා එහි සිටි බව සී සී ටී වී දර්ශන හෙළිකරයි (Video)

කොලඹ 2 ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක හටගත් සිද්ධිය අවස්ථාවේ චෝදනා එල්ලවන ප්‍රභූ පුත්‍රයා රැදී සිටි බව සී සී ටී වී දර්ශන මගින් හෙළිවී තිබෙනවා.
කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කළේ සී සී ටී වී දර්ශන 2කින් ඒ බව තහවුරුව ඇති බවයි.ඔහු ගැටුමට සම්බන්ධ බවක් ඉන් නොකියවුණද කොටු වැටුණු කමිසයක් හැද සිටින ඔහු සමාජ ශාලාවෙන් ඉවත්ව යාමත් සමග ඔහුගේ ආරක්ෂකයකු ලෙස සැලකෙන පුද්ගලයකු තර්ජනය කරමින් පැමිණෙන අයුරු මෙම දර්ශනවල ඇතුලත්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂන ක්‍රියාත්මක වුවද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැහැ.

ප්‍රභූවරයාගේ යහපාලනය

යහපාලනයක් සම්බන්ධයෙන් රටට පොරොන්දු ලබා දෙමින් පසුගිය රජයට වඩා යහපත් පාලනයක් බිහි කරන බව කියූ ඇතැම් පුද්ගලයින්ගේ සැබෑ ස්වරූපය මෙයින් හෙළිවන බවද අදාළ වාර්තා පවසනවා. ඒ හේතුවෙන් රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට තර්ජනය නොකරමින් පසුගිය මැතිවරණවලදී ජනතාවට ලබාදුන් යහපාලන පොරොන්දු ඉටු කිරීම දේශපාලනඥයන්ගේ වගකීමක් බවයි සමාජ ජාල වෙබ් අඩවි වල අවදාරණය කරමින් පවතින්නේ.
නොඑසේනම් පැදුරෙන් ඉහලට ඔසවා තැබූ අයුරින්ම පහතට ඇද දැමීමට මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ලැදි ජනතාව සූදානම් බවද එම අදහස්වල සදහන් වනවා.
මේ එම සී සී ටී වී දර්ශනයි.(කලම්බු ටෙලිග්‍රාෆ්)

ඔබගේ අදහස අපට කියන්න

Close