2016 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ප්‍රකට රොක් ගායක බොබ් ඩිලන්ට

සාහිත්‍ය සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකානු ගායක සහ ගීත රචක බොබ් ඩිලන් වෙත පිරිනමා තිබෙනවා.
ඔහු අමෙරිකාවේ ප්‍රකට රොක් ගායකයකු මෙන්ම ගීත රචකයෙක්.

යුධ විරෝධී කලාකරුවෙක්

‘Blowin’ in the Wind’ සහ ‘The Times They are A-Changin’ යන ඔහු විසින් රචිත ගීත පසු කාලීනව යුද විරෝධී සහ පුරවැසි අයිතීන් වෙනුවෙන් දියත් වූ ව්‍යාපාර වල ප්‍රධාන ගීත බවට පත් වුනා.

බොබ් ඩිලන් වෙත නොබෙල් සාහිත්‍ය සම්මානය පිරිනැමීම නිවේදනය කරනු ලැබුවේ ස්වීඩනයේ ස්ටොක්හෝම් සාහිත්‍ය කමිටුව විසිනි.

බොබ් ඩිලන් මේ වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානලාභියා ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් රසවතුන් අතර එක්තරා විශ්මයක් ඇති කළ බවයි බී බී සී පුවත් සේවය පවසන්නේ.

ඔබගේ අදහස අපට කියන්න

Close