ලසන්තව මැරුවේ මම – ලිපියක් ලියා බුද්ධි අංශ සාමාජිකයකු සිය දිවි නසා ගනී

ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කළේ තමන් යැයි ලිපියක් ලියා හමුදා බුද්ධි අංශ සැරයන්වරයෙකු ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි තොරතුරු වාර්තාවනවා.

කෑගල්ල කරඬුපන දෙහිපිටිය පාරේ පදිංචිව සිටි 52 හැවිරිදි ඉන්ද්‍රගේ ජයමාන්න නමැති විශ‍්‍රාමික හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් මෙසේ සිය දිවි හැනිකර ගෙන තිබුණා.

‘‘දැනගත යුත්තන්ගේ දැනගැනීම සඳහා’’ යනුවෙන් සඳහන් කර ලියූ කෙටි ලිපියක් දිවි හානි කරගත් පුද්ගලයාගේ කලිසම් සාක්කුවක තිබී පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

උදලාගම නිදහස් කරන්න

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කළේ තමන් බවත් සිය මිත‍්‍රයා වන මලින්ද උදලාගම වැරදිකරුවෙකු නොවන බවත් ඔහු නිදහස් කරන ලෙසත් එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

letter

මේ අතර ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි උදලාගම නැමැත්තා අද උපාලි තෙන්නකෝන් මහතාගේ සිද්ධියට අදාළව ඇප මත මුදා හැරුණා.

එහෙත් ඔහු යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාළවද ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබීම හේතුවෙන්.

 

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න