ඇවන්ගාර්ඩ් පරීක්ෂණ අවසන් / තීරණයක් ගන්න වාර්තාව ජනපතිට

බරපතළ වංචා විමර්ශන කොමිසම විසින් විමර්ශන අවසන් කළ තවත් වාර්තා තුනක් ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත භාරදීමට සැලසුම් කර තිඛෙනවා.

කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා සඳහන් මාධ්‍ය වෙත අනාවරණය කළේ අදාළ වාර්තා බාරදීම සඳහා ජනාධිපතිවරයාගෙන් දිනයක් ඉල්ලා ඇති බවයි.

එම දිනය ජනාධිපති කාර්යාලය මගින් දැනුම් දුන් වහාම විමර්ශන අවසන් කළ වාර්තා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදෙන බව ඔහු කියා සිටියා.

ඇවන්ගාර්ඩ් පරීක්ෂණ නිමයි

රක්නා ලංකා සහ ඇවන්ගාඩ් සමාගම් පිළිබද සිදුකළ විමර්ශනය, හලාවත හා කුරුණෑගල වැවිළි සමාගමක සිදුව ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනය ද මේ අතරට ඇතුලත්.

ඩයිනමයිට් තොගයක් කල් ඉකුත් වන තෙක් අලෙවි නොකිරීම නිසා රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ වාර්තා මෙලෙස ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතයි.

කෙසේ වෙතත් ඇවන්ගාර්ඩ් ගණුදෙනුවලට අදාළව හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් 3න් දෙනකු අධිකරණයට ගෙන යාම හිටපු ජනාධිපතිවරයා විසින් හෙළාදකිනු ලැබුවා.

ඔබගේ අදහස අපට කියන්න

Close