ජනපතිගේ කතාවට විරෝධය පා සිවිල් සංවිධාන නියෝජිතයින්ගෙන් දැඩි තීරණ රැසක්

ජනාධිපතිවරයා ස්වාධීන කොමිෂන් සභාවලට බලපෑම් එල්ලවන අන්දමින් කටයුතු කිරීම හේතුවෙන් ඔහුට දැඩි විරෝධය පල කිරීමට සිවිල් සංවිධාන කිහිපයක් තීරණය කර තිඛෙනවා.
පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට ගෙන ඒමට මූලිකව ක්‍රියාකළ සංවිධාන මේ අතර වන බව සදහන්.
මේ අතර ඊයේ දිනයේදී ජනාධිපතිවරයා කලාකරුවන් වෙනුවෙන් පැවැත්වූ සාදයට පුරවැසි බලය සංවිධානයේ කිසිවකු එක් නොවූ බවයි සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ මහතා පැවසුවේ. එසේම මෙම සාදයට සෝභිත නාහිමියන් ආරම්භ කළ සාධාරණ සාමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයද එක්වූයේ නැහැ.
ජනාධිපති වරයා පෙරේදා දිනයේ සිදුකළ ප්‍රකාශයට විරෝධය පල කිරීමක් ලෙසයි මෙම පියවර ගෙන ඇත්තේ.

ජනපතිට විරෝධය පල කර මාධ්‍ය හමුවක්

මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රකාශයන්ට විරෝධය පළ කිරීම සඳහා ඔහුට සහාය දුන් සිවිල් සංවිධාන සහ වෘත්තීය සංවිධාන අද මාධ්‍ය හමුවක් කැදවා තිඛෙනවා.
මේ සඳහා සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ නියෝජිතයන්ද/පුරවැසි බලය සංවිධානයේ නියෝජිතයන්ද ඇතුළු තවත් සංවිධාන වල නියෝජිත පිරිස් එක්වීමට නියමිතයි.
ස්වාධීන කොමිෂන් සභා සහ ස්වාධීන පොලිස් පරීක්ෂණ වලට සහ අධිකරණ ක්‍රියාමාර්ගයන්ට ඍජු ලෙස බලපෑම් කරමින් ජනාධිපතිවරයා කරන ලද කතාවට විරෝධය පාමින්, ජනාධිපතිවරයා විසින් පත් කරන ලද තනතුරු වලින් ඉල්ලා අස්වීමට සිවිල් සංවිධාන නායකයන් පිරිසක් තීරණය කර තිඛෙනවා.

One thought on “ජනපතිගේ කතාවට විරෝධය පා සිවිල් සංවිධාන නියෝජිතයින්ගෙන් දැඩි තීරණ රැසක්

  • October 14, 2016 at 5:21 pm
    Permalink

    මුල අමතක කරන ගුනමකු අයගේ ඉරනම ඉතාම කේදනීයවේ

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close