ජනමතයට පයින් ගැසුවොත් ජනාධිපතිට දෝෂාභියෝගයක් ?

පොලිසිය අයත් නීතිය හා සාමය අමාත්‍යාංශය තමා යටතට පත් කර ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ සූදානමක් ඇතැයි තොරතුරු වාර්තාවනවා.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඒ සදහා සූදානමින් පසුවන බවයි ආරංචි මාර්ග පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් වහාම මැදිහත්වන්නැයි අගමැතිවරයා ගෙන් ඉල්ලා සිටීමට ද ඔවුන් අපේක්ෂා කරන බව අදාළ වාර්තාවල දැක්වෙනවා.

ප්‍රශ්නයට මුල සැකය ?

ශ්‍රීලනිපය දෙකඩ කිරීමට අදාළ අමාත්‍යාංශය හරහා කුමන්ත්‍රණයක් සිදුව ඇති බවටයි ඇතැම් පිරිස් චෝදනා එල්ල කර ඇත්තේ.
එය මුල් කර ගනිමින් ඊයේ දිනයේදී ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සමාජයේ දැඩි අප්‍රසාදයට ලක්ව තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close