ජල විරෝධයට රතුපස්වලදී එල්ල කළ ප්‍රහාරය අපරාධ වරදක් බව අධිකරණය කියයි

පිරිසිදු පානීය ජලය ඉල්ලා වැලිවේරිය රතුපස්වල ජනතාවට වෙඩි තැබීමේ සිද්ධිය අපරාධයක් බව අද අධිකරණය තීරණය කරනු ලැබුවා.

මෙම  උද්ඝෝෂණයේදී දෙදෙනකු මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බවත්, එක් අයකු මියගොස් ඇත්තේ පහරදීමකින් බවත් නිගමනය කළ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මෙනවියයි අදාළ තීරණය ලබාදුන්නේ.

පසුගිය 2013 වර්ෂයේ අගෝස්තු පළමු වැනිදා මෙම ප්‍රහාරය එල්ල වූ අතර ඉන් 3න් දෙනකු මරණයට පත්වුණා.

වෙඩි තබා මරණ 2යි – මුගුරකින් පහරදී මරණ 1යි

වෙඩි තැබීමෙන් දෙදනකු මිය ගිය අතර තවත් අයකු මිය ගියේ හිසට එල්ලවූ මුගුරු ප්‍රහාරයක් හේතුවෙන්.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ භාරයට ගත් ටී56 ගිනි අවි 98ක් රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන් ගිනි අවි 3ක් වෙඩි තැබීමට යොදා ගත් ඒවා බව අනාවරණය වී තිබෙනවා.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close