දිවි නසා ගත් හිටපු බුද්ධි නිලධාරියා හා ලසන්ත ඝාතකයකුගේ සේයාරූ සමානයි ?

කෑගල්ල කරඩුපන ප්‍රදේශයේ නිවසක් තුල සිය දිවි නසා ගත් හමුදා බුද්ධි අංශ හිටපු නිළධාරියා සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
තමන් 2009 වසරේදී හිටපු ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළ බවට වූ ලිපියක්ද මෙම තැනැත්තා සතුව තිබී ඇති අතර ඒ පිලිබදව පොලිසිය විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම නිලදාරියා සේවයෙන් විශ්‍රාම ගොස් ඇත්තේ 2007 වසරේදී වීමද විශේෂත්වයක්.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවලට අනුව පොලිසිය මීට පෙර ඝාතකයින්ගේ බව සැලකෙන ජායාරූප දෙකක් මහජනතාවට හා මාධ්‍යයට ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ සැකකරුවන් හදුනා ගැනීම සදහායි.

සේයාරූ සමානයි?

අද සිය දිවි නසා ගෙන ඇති හිටපු බුද්ධි අංශ සාමාජිකයා හා පොලිසිය මීට පෙර නිකුත් කර තිබූ ඝාතකයින් දෙදෙනාගේ සේයාරූ අතරින් එක් සේයාරුවක් අතිශයින් සමානවීමද විශේෂත්වයක්.
එම සේයාරූ දෙකම පහතින් නරඹන්න.

lasantha-wikremetunga-killer-same

ඔබගේ අදහස අපට කියන්න

Close