දේශපාලන අස්ථාවරභාවයට මුල දැවැන්ත ධනස්කන්ධයක් / සරත් විජේසූරිය හෙළිකරයි

පවතින අස්‌ථාවර දේශපාලන යාන්ත්‍රණයක්‌ තුළ සාධනීය දේශපාලන යෝජනා ගෙන ආවත් විරුද්ධ දේශපාලන බලවේගයක්‌ සමාජය කළඹවන බව  කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් විඡේසූරිය මහතා පවසනවා.

ඒ මහතා මේ අදහස්‌ පැවසුවේ ගාල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානයේදී නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක අවශ්‍යතාවය යන මැයෙන් පැවැති සම්මන්ත්‍රණයකදී අදහස්‌ දක්‌වමිනි.

මේ එහිදී ඔහු පල කළ අදහස්.

ලෝකයේ යම් දියුණුවක්‌ ලබලා තියෙන්නේ වෙනස්‌ වීමත් එක්‌කයි. ඒක අපි තේරුම් ගත යුතුයි. අපේ රටේ අද තියෙන දේ අධ්‍යාපන විතරක්‌ නොවෙයි වෙනත් දේශපාලන ප්‍රතිසංස්‌කරණයක්‌ කරන්නට ගියත් පවතින අස්‌ථාවර දේශපාලන යාන්ත්‍රණය ඇතුළේ මොන තරම් සාධනීය යෝජනා ගෙනාවත් විරුද්ධ දේශපාලන බලවේගයක්‌ සමාජය කළඹවනවා.

මහා ධනස්කන්ධයක් සමාජය හසුරවනවා

එහෙම කළඹවන්න පුළුවන් දරිද්‍ර සමාජයක්‌ තමයි ඇත්තටම අපේ තියෙන්නේ. මේකේ ෙ€දවාචකය අපට පෙනෙනවා. මේ රටේ සියලු දේවල්වලට මහා විශාල ධනස්‌කන්ධයන් බලපෑම් කරනවා. සියලු මානව හර පද්ධතීන් කනපිට හරවන්නේ මහා විශාල ධනස්‌කන්ධයන් මුල් වෙලා.

මේක ඉතාම බරපතළ තත්ත්වයක්‌. අපේ රටේ උත්තරීතරම තැන වන පාර්ලිමේන්තුව පාසල් දරුවන්ට තහනම් කරන්න වෙනවා නම් කථානායකවරයාට, ඒක අද විතරක්‌ නොවෙයි එදත් වුණා. ඒතරම් ශීලාචාරයි මහජන නියෝජිතයො.

මේ අපි පත් කරලා තියෙන අය. ඇත්තටම ජනතාව බුද්ධිමත් කියලා කීවට බුද්ධිමත්ද? බුද්ධිමත් නම් කොහොමද හිරේ ඉන්න මිනිහෙක්‌ දිස්‌ත්‍රික්‌කයේ එකට ඡන්දය අරගෙන පාර්ලිමේන්තු යන්නේ.

සමාජයම කුඩු ගහලා වගේ මෙලෝ නිච්චියක්‌ නෑ අපිට. බුද්ධිමත් සමාජයක නම් මේ තරම් ලිංගික අපරාධ වෙනවාද? ළමා අපචාර වෙනවද? නිදහස්‌ අධ්‍යාපනය අවුරුදු හැත්තෑවක්‌ තරම කාලයක්‌ භුක්‌ති විඳපු සමාජයක මේවා අපි අහන්නේ. නීතිය අවභාවිත වෙන හැටි, රාජ්‍ය මුදල් අවභාවිත වෙනහැටි.

ඔබගේ අදහස අපට කියන්න

Close