මෛත්‍රීගේ ප්‍රකාශය ගැන මහින්ද විමතියෙන් / කල් ගියත් තෙරුම් ගැනීම ගැන සතුටුයිලු

ජනාධිපතිවරයා  පෙරේදා දිනයේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් විමතියට පත්ව සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
රාජපක්ෂ මහතා පවසන්නේ කල් ගතවී හෝ මෙවැන්නක්‌ තේරුම් ගැනීම වැදගත් සේ සලකන බවයි.
සීඅයිඩීය එෆ් සීඅයිඩිය සහ අල්ලස්‌ කොමිසම දේශපාලන අරමුණු අනුව ක්‍රියාකරනවා නම් ඔවුන් සම්බන්ධව තීරණයක්‌ ගන්නා බවට මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් පල කරනු ලැබුවා. මේ ඒ පිළිබදව හිටපු ජනපති පල කළ අදහස්.

රට කරවන අයට පේන්නේ නෑ

අද රට මුහුණපා ඇති ප්‍රශ්න හා ජීවන ගැටලු පිළිබඳව රටේ ජනතාව හොඳින් අවබෝධ කරගෙන සිටිනවා. නමුත් රට කරවන උදවියට මේ පිළිබඳව හරි අවබෝධයක්‌ නැහැ. මඩකලපුවේ මා කළ සංචාරයකදී එම ජනතාව රට මුහුණපා තිබෙන ප්‍රශ්න පිළිබඳව කතා කළා. ඒවගේ සෑම පළාතකම ජනතාව ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව මා සමග කතාබහ කරනවා.

ඒත් පුදුමේ අද රට කරවන උදවියට රටේ ජනතාව මුහුණපා සිටින ප්‍රශ්න නොපෙනීමයි.

ඔබගේ අදහස අපට කියන්න

Close