ජී එස් පී ප්ලස් සහනය නොවැම්බර්යේදී යළි ශ්‍රී ලංකාවට

වසර හතක කාලයක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ ජී.එස්.පී. ප්ලස් ඇඟලුම් බදු සහනය ලබන මාසයේ සිට ශ්‍රී ලංකාවට හිමි වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග අනාවරණ කරනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙට සිදුකරන ඛෙල්ජියම් සංචාරයේදී  බ්‍රසල්ස් නුවරදී යුරෝපා සංගමයේ නායකයින් හමුවී කරන සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ජී.එස්.පී.සහනය මෙරටට හිමි වන බවයි අදාළ වාර්තා පවසන්නේ.
පැවැති රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට අනුව මානව හිමිකම් සම්බන්ධ කරුණු තුනක් කෙරෙහි අවධානය යොමු නොකිරීම හේතුවෙන් 2009 වසරේ සිට යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකාවට අහිමි කරනු ලැබුවා.
ජී.එස්.පී. ප්ලස් සහනය යටතේ අපනයන භාණ්ඩ 7500කට බදු ආවරණ හිමි වේ.

2015 වසරේ සිට යුරෝපා සංගමය මත්ස්‍ය තහනමක්ද පැනවීම නිසා මුහුදු ආහාර අපනයනය 35.5කින් ඇමෙරිකානු ඩොලර් 163.1කින් පහත වැටිණි.
යහපාලන රජය බලයට පත්වීමෙන් පසු අහිමි කෙරුනු මත්ස්‍ය අපනයන තහනම මෙම වසරේ මුලදී ඉවත් කිරීමට යුරෝපා සංගමය පියවර ගත් අතර අගමැතිවරයාගේ බ්‍රසල්ස් සංචාරයේදී ජී.එස්.පී.ප්ලස් සහනයද යළි ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිතයි.
ඒ සමගම යළිත් මෙරට ආර්ථිකයට විශාල අවස්ථාවක් යුරෝපය තුලින් හිමිවීමට නියමිතයි.

ඔබගේ අදහස අපට කියන්න

Close