බන්ධනාගාරගත කළ සියලු දේශපාලනඥයන් හදිසියේ අසනීප වී රෝහල් ඇදන් උඩ

විවිධ වැරදි මත බන්ධනාගාරගත කෙරෙන දේශපාලනඥයන් සිර මැදිරියේ රඳවා තබා නොගෙන බන්ධනාගාර රෝහලට හෝ මහ රෝහලට ඇතුළත් කරවීමේ තත්ත්වය මේ වන විට වර්ධනය වී තිඛෙනවා.

බන්ධනාගාර ආරංචි මාර්ගවලට අනුව මේ වන විට මරණ දඬුවමට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වාට හදිසියේ උණ රෝගය වැලඳී ඇති අතර ඔහු සතියකට පෙර සිට රෝහල්ගත ගතකරනු ලැබ තිඛෙනවා.

රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන ජයන්ත සමරවීර ද මේ වන විටත් පසුවන්නේ බන්ධනාගාර රෝහලේයි.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශගේ සහෝදරයකු වන සරත් වීරවංශට ද උණ රෝගය හදිසියේ වැලඳී ඇති අතර ඔහුද මේ වන විට පසුවන්නේ වැලිකඩ බන්ධනාගාර රෝහල තුලය.
ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතවූ අවස්ථාවේ සිටම රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ බවටද තොරතුරු වාර්තා වුණා.

එසේම මන්ත්‍රි ලොහාන් රත්වත්තේගේ සොයුරු චානුක රත්වත්තේටද හදිසි කොලොස්ටරෝල් විෂාදය සෑදී ඇත.ඔහුද මේ වන විට සිටින්නේ බන්ධනාගාර රෝහලේය.

මෙරට සාමාන්‍ය ජනතාව අතරින් කවරකු හෝ සුලු වරදකට හෝ බන්ධනාගාර ගතවුවද ඔවුන්ට මේ සුවය හිමිවන්නේ නැත.
එබැවින් යහපාලනය සමානාත්මතාවය ගැන නිරත්නරයෙන් අදහස් දක්වන රජය හා නිලධාරීන් ජනතාවට වෙනස්කම් කිරීම හා චෝදනා ලැබූ හා වරදකරුවන් වූ දේශපාලනඥයන් හා හිතුවතුන්ට විශේෂ සහන ලබාදීම නොවලක්වන්නේ නම් එය ජනතා අප්‍රසාදයකට හේතුවක් වනු ඇති බව නිසැකය.

ඔබගේ අදහස අපට කියන්න

Close