බුදු මුවින් වදාළ වලබා මුඛ යනු බර්මියුඩා ත‍්‍රිකෝණය ද?

මේ ලොව හා ඉන් ඔබ්බට ඇති සියලූ ධර්මයන් ‘අතැඹුලක්’ සේ දුටු, නිකෙලෙස් සිත් ඇති එ් අති උත්තම ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාගේ ‘අනාවරණ ඥන’ සැබැවින් ම ආශ්චර්යජනක ය. අප ගෞතම බුදු සමිඳුන් හතළිස් පස් වසරක් දේශනා කළ ධර්මයන්ට හසු නො වූ කිසිවක් මේ මිහිපිට දකින්නට නැත. නවීන විiාවට පවා සොයාගත නො හැකි වූ, අප වැනි ම මිනිසුන් සහිත චූලනිකා සහස්සී ලෝක ධාතුන්ගේ සිට දස සහස්සී ලෝක ධාතූන් ද ඉක්මවා සක්වළ තතු බුදු නෙතින් දැක පෙන්වා දෙයි. සැබැවින් ම නවීන ලෝකය සොයාගෙන තිබෙන්නේ බුදු නෙතින් දුටු දෙයින් ඉතා අල්පයක් පමණි.

අද දින ලෝක බලවතා ලෙස පෙනී සිටින ඇමෙරිකාවට අයත් ‘බර්මියුඩා’ නම් මුහුදු සීමාව ඔවුන්ගේ ම දියුණු යැයි කියාගන්නා විද්‍යාව බාල්දුවට ලක් කරමින් සිටී. උක්ත මුහුදු සීමාව පසුකර යන ගුවන් යානා හෝ නාවික යාත‍්‍රා බොහෝමයක් යළි ආවේ නැත.

ලෝකයේ බොහෝ විද්‍යාඥයන් බර්මියුඩා ත‍්‍රිකෝණය පිළිබඳව විවිධ පර්යේෂණ කළ ද එ් සියල්ල නිමා වූයේ ප‍්‍රතිඵලයන් වෙනුවට යම් යම් මත පමණක් සමාජයට ඉතිරි කරමින් ය.

මෙම ප‍්‍රදේශය හරහා යන යාත‍්‍රා අභ්‍යවකාශ ජීවීන් විසින් පැහැරගන්නා බව බොහෝ දෙනා අදහස් කළ අතර, ඇතැමෙක් කීවේ මුහුදු පතුලේ සිදුවන ‘මීතේන්’ වායු ක‍්‍රියාවකින් යාත‍්‍රා විනාශ වන බවකි. එහෙත් අදට ද ඇතැමෙක් ‘මෙය ඇමරිකානුවන් සිතා මතා කරන ක‍්‍රියාවක්’ ලෙස පෙන්වා සිටී. එහෙත්, මීට දෙදහස් පන්සිය වසරකට පෙර අප සම්බුදු සමිඳුන් තිලෝගුරු ඥනයෙන් දැක කළ පැහැදිලි කිරීමකින් හෙළි වූයේ බර්මියුඩාවේ අබිරහස දැයි අපට සිතේ.

‘තෙවලා බුදු බණ’ අතරට අයත් වන පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ 456 වන ජාතකය වූ සූප්පාර ජාතකයේ දී ‘වළබා මුඛ / වඩබා මුඛ’ ලෙස එක්තරා ප‍්‍රදේශයක් පෙන්වා දී තිබේ. (සූප්පාර ජාතකයේ කියවන්න.) එම ප‍්‍රදේශයේ වේලි බිඳගෙන එන දියපහර සේ සිව්දිගින් මහා දිය රළ පැමිණෙන බවත්, කන් බිහිරි කරවන, ළය පැළී යන තරම් බියජනක ශබ්ද ඇති බවත්, එක් පසෙක මහා රළක් නැගෙද්දී අනෙක් පස තෙරක් නො පෙනෙන දිය සිඳුණු ප‍්‍රපාත ඇති වන බවත් පවසා තිබේ.

ජාතක අටුවාවෙහි එක් ගාථාවක ‘‘සූඤ්ඤභමානුසෝ” ලෙස ‘මිනිසුන් පිළිබඳ නො වූ මුහුද’ ලෙස වඩබා මුඛය හඳුන්වමින්, එහි අමනුෂ්‍ය හඬ පැතිර යන බව ද පවසයි.

අවීචි මහා නිරයෙන් විවර වූ ගිනි දැල්වලින් මුහුදු දියකඳ පවා දවා දමන, අශ්ව මුඛයක හැඩය ගත් ස්ථානයක් ලෙස පෙන්වන මෙම භූමිය පිළිබඳ ‘බුත්සරණයේ’ නාලාගිරි දමනයේ ද සඳහන් වන අතර, ථූපවංශයේ ‘ගැමුණු රජුගේ ව්‍යාධියේ’, ”සියලූ සතුන් මරණ නැමති වඩබා මුඛයෙහි පතිතව විනාශයට පැමිණෙති.” යැයි උදාහරණයකට ගෙන ඇත.

ගිය අයෙකුගේ හෝ ගිය යාත‍්‍රාවක යළි පැමිණීමක් නැති, දියේ ගිලී එ්කාන්තයෙන් ම වැනසී යන බර්මියුඩා මුහුදු කලාපය වැනි ස්ථාන මිහිපිට හමු වී ඇත්තේ එපමණක් ම ය. එවන් මකරයක් තුළට ගොස් නිරුපද්‍රිතව යළි පැමිණි යමෙක් වේ නම් එ් ‘භරුකච්ඡු පටුන්ගමින්’ මුහුදු ගිය අප බෝසතුන් ඇතුළු පන්සියයක් පිරිස පමණි.

තමා නුවණැති බවට පත් වූ දා පටන් එකදු සතෙකු හෝ හිංසාවට ලක් නො කළ සත්‍යයේ බලයෙන් එදවස සත්සියයක් දිවි ගැලවූ එ් උත්තමයෝ ආදර්ශයෙන් ම අපට සිහිපත් කරන්නේ ‘සීලය නම් අසහාය බලයක්, අද්භූත ඇඳුමක්, මහේශාක්‍ය පාලමක්’ බව ම ය.

සමයාන්තර සියලූ ආගම් විද්‍යාව අබියස අසරණ වෙද්දී, උත්තම ලෙස බබළන, උතුම් දහමේ සරණ ගිය අප, එ් ශාක්‍ය සිංහයාණන් ගත් මග ගොස් නිවී සැනසුන අරහන්තක සිංහ පෝතක උත්තමයන්ගේ පිය සටහන් ඔස්සේ වහ වහා ගමන් කරමු. සැමට ”එ් අමා නිවන් සුව බොහෝ දුර නො වේවා!!!”

මහාමේඝ 2015 පොසොන් කලාපය ඇසුරිනි

ඔබගේ අදහස අපට කියන්න

Close