සුසන්තිකා පැරදූ නිමාලි ශ්‍රී ලංකා වාර්තාව දිනූ හැටි

ශ්‍රී ලංකාවෙන් බිහි කළ විශිෂ්ඨතම කෙටි දුර ධාවන ශ+රිය සුසන්තිකා ජයසිංහ බවට කිසිදු සැකයක් නැත. එය තර්ක කර පැරදවීමට අවැසි ආකාරයේ සාක්ෂියක්ද මෙරට තුලින් සොයාගත නොහැකිය. එහෙත් ඇය සමග තරග නොවැදුණද ඇය අභිබවා යමින් ජයග්‍රහණයක් ලබාගන්නට මීටර 800 ධාවන ශ+රියක වන නිමාලි ලියනාරච්චි පසුගියදා සමත්වූයේය.
ඒ ඇය විසින් පිහිටුවූ මීටර 800 ශ්‍රී ලංකා වාර්තාවට එරෙහිව සුසන්තිකා ජයසිංහ දැක්වූ විරෝධය ඉවත ලා එම වාර්තාව නිල එකක් බව පිළිගැනීමට ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය තීරණය කිරීමත් සමගමය.
යාපනය දොරේ අප්පා ක්‍රීඩාංගනයේද පැවැති ජාතික මහා ක්‍රීඩා උළෙලේදී විනාඩි 2යි තත්ත්පර 3දශම 50ක කාලයක් වාර්තාකරමින් නිමාලි ලියනාරච්චි  මෙම වාර්තාව පිහිටුවනු ලැබුවා.
කෙසේ වෙතත් එය අර්බුධයක් බවට පත්වූයේ හිටපු ධාවන ශ+රියක මෙන්ම මෙතෙක් එම වාර්තාවට හිමිකම් කී ධම්මිකා මැණිකේ ඊට එරහිව යුධ ප්‍රකාශ කිරීමත් සමගමය.
ඇය ප්‍රකාශ කළේ මෙම වාර්තාව පිළිගත නොහැකි බවය.
ඒ අත් කාල ඝනකය මලින් මෙම වාර්තාව මැන ඇති බැවිනි.

වසර 24 ක් පැරණි වාර්තාවක්

තමන් 1992 වසරේ බාර්සිලෝනා ක්‍රීඩා උලෙලේදී විනාඩි 2යි තතත්පර 3යි දශම 70කින් එම වාර්තාව පිහිටුවුයේ නියමිත තාක්ෂණික ගණනය කිරීම්ද සහිතව බවයි ඇය පෙන්වා දී තිබුණේ.
එහෙත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න මහතා මුල සිටම කටයුතු කළ ආකාරය මෙරට ක්‍රීඩාවට මෙන්ම ආචාර ධර්මීයවද අගය කළ යුතු තත්ත්වයකි.
සුසන්තිකා ජයසිංහලා සහ ධම්මිකා මැණිකේලා මෙරට ක්‍රීඩාව වෙනුවෙන් කළ මෙහෙය අප අවතක්සේරු නොකරන්නෙමු.
එහෙත් ඔවුන්ගේ වාර්තා සදාකාලිකව නොවෙනස්ව පවතින්නේ නම් මෙරට ක්‍රීඩාව එතනින් ඉදිරියට යනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය.
ඒ අප පසුකර ලෝකය බොහෝ දුර ගොස් ඇති බැවිනි.
එවන් තත්ත්වයක් තුල මෙරට මළල ක්‍රීඩාවේ ප්‍රගමනයක් පෙන්වමින් නවක ක්‍රීඩිකාවක් පෙරට ඒම වැලැක්වීම සදහා ජ්‍යෙෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් කුහක සිතින් කටයුතු කරන්නේ නම් මෙරට මළල ක්‍රීඩාවේ අනාගතය කොයිබටදැයි අප ප්‍රශ්න කර සිටින්නෙමු.

 

2 thoughts on “සුසන්තිකා පැරදූ නිමාලි ශ්‍රී ලංකා වාර්තාව දිනූ හැටි

  • October 15, 2016 at 3:02 pm
    Permalink

    They (old runners)are jelous of younger ones

    Reply
  • November 6, 2016 at 12:44 pm
    Permalink

    Ape rate sports diyunu wenne neththe me kuhaka mama nisai

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close