අයි එස් ත්‍රස්තයන්ට තවත් දැවැන්ත පරාජයක්

තුර්කියේ සහාය ලබන කැරලිකරුවන් විසින් IS සංවිධානය යටතේ පැවති සංකේතාත්මක වශයෙන් වැදගත් ඩබික් නගරයේ පාලනය අත්පත් කරගෙන තිබෙනවා.

අයිඑස් කැරලිකරුවන් නගරය අත්හැර පලා යාමෙන් අනතුරුව කැරලිකරුවන් නගරය අත්පත් කරගත් බවයි කැරලිකාර පාර්ශවය නිවේදනය කළේ.

උතුරු සිරියාවේ පිහිටි එම කුඩා නගරය අයිඑස් කැරලිකරුවන් සිය ප්‍රචාරක ව්‍යාපාරය සඳහා නිරන්තරයෙන් යොදාගත් මූලෝපායික වශයෙන් ඉතා වැදගත් මධ්‍යස්ථානයක්.

ඩබික් නගරය ආසන්නයේ පිහිටි සොරාන් ගම්මානයේ පාලනයත් අත්පත් කරගත් බව සුල්තාන් මුරාඩ් කැරලිකාර කණ්ඩායමේ අණදෙන නිලධාරී අහමඩ් ඔස්මාන් බී බී සී පුවත් සේවයට සදහන් කර තිබුණා.
එම නගරයේ කැරලිකරුවන් 1200 ක් පමණ රැසී සිටි බවයි බී බී සී පුවත් සේවය වාර්තා කළේ.
පසුගිය සමයේ එල්ලවූ දැවැන්ත ප්‍රහාර මාලාවන් හේතුවෙන් අයි එස් සංවිධානය දිගින් දිගටම අඩපණ වෙමින් පවතිනවා.ලබන වසර වන විට එම සංවිධානයේ ත්‍රස්ත ක්‍රියා සම්පූර්ණයෙන්ම වැලැක්විය හැකි බවයි අමෙරිකාව නිවේදනය කර ඇත්තේ.

ඔබගේ අදහස අපට කියන්න

Close