මහින්දට යළිත් සුබ 2026 න් පසුවලු

කවුරුන් කොහොම කීවද ජේ‍යාතිෂවිද්‍යාව විද්‍යාවන් අතර අග්‍රගණ්‍යයේලා සැලකිය හැකි විද්‍යාවක් බව එකහෙ…ා පැවැසිය හැකිය. අතීතයට වඩා වර්තමානයේ නිවැරැදි අනාවැකි පැවැසීමේ හැකියාව ඊට තිබේ. එයට හේතුව ජේ‍යාතිෂයට අවංකවම ආදරය කරන උගත්, බුද්ධිමත් ජේ‍යාතිෂවේදීන් විසින් කරනු ලබන ජේ‍යාතිෂ පර්යේෂණයන්ය. ඔවුන් මිල මුදල් පසුපස හඹා නොයමින් කරනු ලබන එම පර්යේෂණ හේතුවෙන් නිවැරැදි අනාවැකි පැවැසීමේ දිව්‍යඥානය ඔවුන්ට දෙවියන්ගෙන් ලැබී ඇතැයි සිතිය හැකිය.

එවැන්නෝ තිරිවාණ ගල් අතරින් මතුවන දිදුලන මැණික් වැනිය. ඔවුන් ඇත්තේ මුළු සමාජයටම අත‍ෙ…ාස්සකි. එම නිසා එවැන්නෝ දුර්ලභ ඉන්ද්‍රනීල මාණික්‍යයක් බඳු යැයි කිවහොත් අතිශයෝක්තියක් නොවේ.

ඒ අතර ඡන්ද රැස්වීම්වලට පැමිණෙන ජනතාව දෙස බලාත්, තම සිතැගි පරිදිත්, තමා කැමැති අපේක්‍ෂකයාත් දිනවීමේ අරමුණ ඇතිව, ජනතාව නොම’ යවන ආකාරයේ අනාවැකි පවසන්නෝද වත්මන් සමාජයේ විරල නැත. ඔවුන් අතර ජේ‍යාතිෂ ගුරුවරුද සිටීම අභාග්‍යයකි.

මහින්ද රාජපක්‍ෂ මහතා කන්‍යා ලග්න කේන්දරයේ චන්ද්‍රයා උපතින් පිහිටා ඇත්තේ අටවැන්න වූ මේෂ රාශියේය. 2014 නොවැම්බර් මස 3 වැනිදා සිට සෙනසුරුගේ ගමන්ම’ වැටී තිබුණේ චන්ද්‍රයාගෙන් අටවැන්න වූ වෘශ්චික රාශිය මතින්ය. මෙය සෙනසුරු ජන්ම (චන්ද්‍ර) අෂ්ටම ඒරාෂ්ටක අපල තත්ත්වයකි.

ඒරාෂ්ටක අතරින් බරපත… විපාක ගෙන දෙන සෙනසුරු ජන්ම අෂ්ටම ඒරාෂ්ටක අපලය, ඉතා අවාසනාවන්ත අයුරින් මහින්ද රාජපක්‍ෂ මහතාට අත්විඳීමට සිදුවිය. එතුමා කිසිදා නොසිතූ, නොපැතූ අයුරින් සියල්ල උඩු යටිකුරු වී ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සිදුවූයේ ඉහත කී සෙනසුරු ජන්ම අෂ්ටම ඒරාෂ්ටක අපල තත්ත්වය හේතුකොටගෙන බව ජේ‍යාතිෂය පි…ිබඳව හදාරන ආධුනිකයකුට වුවත් වැටහෙන්නකි. එහෙත් මේ බව අපගේ විද්වත් ජේ‍යාතිෂවේදීන් නොදැන සිටියා යැයි පැවැසීම විහිළුවකි.

එතුමාගේ කන්‍යා ලග්නයේ ලග්න භාවයේ ගුරු ග්‍රහයා පිහිටමින් කෝටියක් දෝෂ භංග ක…ද, ගුරු ග්‍රහයා කන්‍යාවට සතුරෙකි. රාහු මහ දශාවේදී රජකම පවා ලබා දී සියලු සැප සම්පත් …’ කරගත් මහින්ද රාජපක්‍ෂ මහතාට දිග්බල ගුරුගේ මහ දශාව ලැබූ දා පටන්ම එතුමාගේ ජනප්‍රියත්වයට හා ශ්‍රී විභූතියට එල්ලවන්නට වූයේ බලවත් ප්‍රහාරයන්ය.

2009 මැයි මස ප්‍රභාකරන් පරදා තිස් වසරක යුද්ධය ජයගත් මහින්ද රාජපක්‍ෂ මහතාට අත්වූ ඉරණම පි…ිබඳව වගකිව යුත්තේ ගුරු ග්‍රහයාය. ගුරු ග්‍රහයා එතුමාගේ කේන්දරයේ 7 වැන්නාධිපතියා වීමෙන් “බාධක ග්‍රහයා” බවට පත්වීම මෙම අපල තත්ත්වය තව තවත් උද්දීපනය කරලීමට සමත්ව ඇත.

ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයාගේ මහ දශා කාලය වසර 16කි. 2026 දක්වා එතුමාට ගුරු මහ දශාව පවතී. එම කාලය තු… එතුමාට අපල ගෙන දීමට ඉඩ ඇති අතර නැවැත බලයට පැමිණීමට ඇති ප්‍රවණතාව ඉතාම අඩුය. තම දරුවන් පවා හිරේ විලංගුවේ වැටීමෙන්ම ගුරුගෙන් එතුමා විඳින පීඩාව කෙතෙක්දැයි සිතාගත හැකි නොවේද?

කවුරු කුමන අනාවැකි පැවැසුවද කවුරු අලුත් පක්‍ෂ පිහිටුවද ජේ‍යාතිෂයට අනුව මහින්ද රාජපක්‍ෂ මහතාට නැවැත මෙරටේ නායකත්වයට පත් විය හැකිනම් එසේ හැකි වන්නේ 2026න් පසුව ලබන සෙනසුරු මහ දශාවේදීය. ඒ එතුමාට වයස අවුරුදු 81 ලැබුවාට පසුවය.

…………………………………………………………………………………………………………………………..

අලුත් පක්ෂයක් හදන්න හොඳ කාලයක් නෙවෙයි

අලුත් පක්‍ෂයක් ගොඩනඟන බවට බොහෝ කතා මේ දවස්වල අසන්නට ලැබෙනවා. ඇත්තෙන්ම මහින්ද පක්‍ෂයක් පිහිටුවයිද? එහි නායකත්වය මහින්ද භාරගනීද?

මෙම පිහිටුවන පක්‍ෂය පවතින රජයට අභියෝගයක් වෙයිද?

පක්‍ෂයක් පිහිටුවීමේදී එහි නායකත්වය භාර ගන්නා අයගේ මෙන්ම පවතින සුබ තත්ත්වයන් සැලකිල්ලට ගතයුතුයි. එසේ නොවන්නට පක්‍ෂ බිහිවෙනවා වගේම විනාශයට පත්වන බව පෙන්වා දිය හැකිය. මෙහිදී ග්‍රහ තත්ත්වය මෙන්ම එය ආරම්භ කරන අයගේ චේතනාවද යහපත් විය යුතුය. පෞද්ගලික වාසි තකා පිහිට පතන්නේ නම් එය වැඩි කල් නොගොස් උපන්ගෙයිම වැළලී යයි. රට ජාතිය ගැන සිතා කටයුතු කරන්නේ නම් එය සාර්ථක වේ. එ.ජා.ප., ශ්‍රී ල.නි.ප. අදත් බැබළෙන්නේ එය පිහිටු වූ නායකයන්ගේ චේතනාව යහපත් බැවිනි.

පවතින රජයට පවතින ග්‍රහ තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී මහජන අප්‍රසාදයට වැඩිපුර ලක්වන කාලයක් බව පෙන්වා දිය හැකිය. නමුත් 2017 ජනවාරිවලින් පසු මෙම තත්ත්වය පහවී මහජන ප්‍රසාදයට ලක්වේ. නොසිතන ආකාරයේ යහපත් කාලයක් උදාවේ. විරුද්ධවාදීන්ට සිදුවන්නේ අදහස් වෙනස් කර ගැනීමටය.

කොහොම නමුත් මෙම කාලය තුළ පක්‍ෂයක් ආරම්භ කරන්න තරම් යහපත් කාලයක් නොවේ. පවතින ග්‍රහ තත්ත්වයන් යහපත් නොවේ.

කෙසේ නමුත් පක්‍ෂයක් ආරම්භ කළ පසු එහි සාර්ථකත්වය අසාර්ථකත්වය පෙන්වා දිය හැකිය.

මහින්ද රාජපක්‍ෂ නායකත්වය භාරගන්නවාද යන්න සැක සහිතය. කවුරු මොනවා කිව්වත් කන්‍යා ලග්න හිමි මහින්ද රාජපක්‍ෂ මහතාගේ දැනට ගෙවන කාලය නම් යහපත් නොවේ.

රාහු මහ දශාවෙන් ඉහළටම ඔසවා තැබූ එතුමාට ගුරු මහ දශාව තුළ එළව එළවා පහරදුන් බව පැහැදිලිය තනතුරු අතහැර යන්න පවා සිදුවිය. කන්‍යා ලග්නයෙන් උපන් එතුමාගේ කේන්දරයේ සෙනසුරු 2017 ජනවාරි අග දක්වා 08 වැන්නේය. එය යහපත්ය. නමුත් 2017 ජනවාරි අග සෙනසුරු 04 වැන්නට පැමිණීමත් බාධක ඇතිවීමක් තුළින් යහපත් ප්‍රතිඵල අත් නොවේ. අලුත් දේකට අත ගසනවාට වඩා පැත්තකට වී මෙම කාලය තුළ සිටීම යහපත්ය.

මහින්ද මහතාගේ උත්පත්ති ග්‍රහ තත්ත්වයට සමාන ග්‍රහ පිහිටීම් තිබෙන බව පෙන්වා දී ඇත. නමුත් එතුමාගේ උත්පත්තිය තුළ පැවැති බාධක කරදර මේ කාලය තුළ විඳින්නට සිදුවේ.

එතුමාට එක එක්කෙනාගේ උපදෙස් මත ක්‍රියාත්මක වීමෙන් ඉදිරියේදී නැති ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන බව නම් පැහැදිලිය. පසුගිය කාලය තුළ සිදුවුණු දේවල්වලින් එය පැහැදිලිය. මෙම කාලය තුළ බුද්ධිමත්ව කටයුතු කරමින් අලුත් දේකට අත ගසනවාට වඩා නිහඬව සිටීම එතුමාට යහපත්ය.

කෙසේ නමුත් පක්‍ෂයක් තවම බිහිවී නැති බැවින් ඒ ගැන කතා කිරීම පල රහිතය. එවැන්නක් සිදු වූ පසු ඒ ගැන යමක් කිව හැකිය.(Mawbima)

ඔබගේ අදහස අපට කියන්න

Close