රංගන ශිල්පිනී කවිෂා අයේෂානි රිය අනතුරකින් මරුට

අද උදෑසන නුගේගොඩ ජුබිලි කණුව අසල සිදු වූ රිය අනතුරකින්   නවක රංගන ශිල්පිනි කවිෂා අයේෂානි මරණයට පත්ව තිඛෙනවා.

ඇය පැදවූ මෝටර් රථය බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ. 

ඊයේ රාත්‍රී පැවති සාදයකට සහභාගී වී යළි පැමිණෙමින් සිටියදී ඇයගේ මෝටර් රථය මෙම අනතුරට ලක්ව තිබුණා.

කවිෂා අයේෂානි මිය යන විට 25 වන වියේ පසුවුණා.

ඇයගේ මෘත ශරීරය මේ වනවිට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිඛෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.

කෝරලේ මහත්තයා ටෙලි නාට්‍යයේ මුතු චරිතයෙන් ඇය ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියත්වයක් හිමිකර ගත්තා.

ඔබගේ අදහස අපට කියන්න

Close