ලසන්ත ඝාතනයට අණ දුන්නේ කවුද ?ලියන්නට අමතක වූ කතාව

ජෞෂ්ට මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයේ වගකීම භාරගනිමින් හිටපු හමුදා බුද්ධි අංශ සාමාජිකයකු සිය දිවි නසා ගැනීමෙන් පසු ඒ සම්බන්ධ සැක සංකා රැසක් මතුව ඇතැයි විචාරකයින් පවසනවා.
මෙම නිලධාරියා 2007 වසරේදී විශ්‍රාම ගිය අයකුවීම හා ලසන්ත ඝාතනය 2009 වසරේ සිදුවීම ඊට ප්‍රධාන හේතුවයි.
එසේම ප්‍රේම් උදලාගම හා මෙම මිය ගිය තැනැත්තා අතිශය සමීපතම සගයින් ලෙස එක්ව කටයුතු කර තිබීමද ඊට හේතුවක් බවයි එම වාර්තා අනාවරණ කරන්නේ.
ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වූ අවස්ථාවට පෙර යතුරු පැදි දෙකකින් ඔහු හඹා ආ බව පරීක්ෂණවලදී මේ වන විට හෙලිව තිඛෙනවා.
එසේනම් සිය දිවි නසා ගත් පුද්ගලයා තමන් පමණක් වැරදිකරු බව කියන්නේ නම් යතුරු පැදි දෙකෙන්ම ලසන්ත වික්‍රමතුංග මහතා හඹා ගියේ ඔහු දැයි පැනයක් මතුවීම ඉතා සාමාන්‍ය තත්ත්වයක්.
එවන් තත්ත්වයක් තුල විශ්‍රාමික හමුදා සාමාජිකයකු එම සිද්ධියේ තනි වගකීම භාර ගැනීම ද දැඩි සැක සංකා ඇති කරන තත්ත්වයක් බව පැවසිය යුතුය.
තමන් ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළ බව කියන මෙම තැනැත්තා ඊට හේතුවක් සදහන් කර නොතිබීමෙන්ද මතුවන්නේ අර්බුධකාරී තත්ත්වයක්.
බොහෝ විට ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙම තැනැත්තාගේ පුද්ගලික ආරවුලක් මත සිදුවූවක් නොවන්නට ඇති ඉඩ සියයට 100 ද ඉක්මවයි.
එසේනම් තමන් පමණක් වගකීම භාරගන්නා එම තැනැත්තා ඝාතනයට අණ දුන්නේ කවරෙක්දැයි නොපැවසීමෙන්ද මෙහි ඇති සැකය වඩාත් ත්‍රීව් වෙයි.
ඒ අනුව බලන කළ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණ යටපත් කිරීම සදහා මතුවූ හෝ මතුකරන ලද සිද්ධියක් ලෙස මෙම හදිසි දිවි නසා ගැනීම පිළිබද සැකයක් ඇතිවීම සාධාරණය.
මෙම තැනැත්තා ඝාතකයා නම් ඔහු තමන්ට හවුල් වූ අනෙක් ඝාතකයින් ගැන හෙළි නොකළේ ඇයි ? අණ දුන්නේ කවරෙක්දැයි හෙළි නොකළේ ඇයි?
මෙම පැනයන්ට අදටද පිලිතුරු නැත. (පිළිතුරු අනුමාන කර ගැනීමේ අයිතිය ජනතාවට ඇත) ඇතැම් විට අධිකරණය හමුවේ වුවද මේවා හෙළි නොවන්නට ඉඩ තිඛේ. එහෙත් අපරාධකරුවන්ට හෘදසාක්ෂියෙන් මෙන්ම සොබාදහමෙන්ද සමාවක් හිමි නොවනු ඇත. එය සොබාදහමේ නියතයක් වේ.

One thought on “ලසන්ත ඝාතනයට අණ දුන්නේ කවුද ?ලියන්නට අමතක වූ කතාව

  • October 16, 2016 at 4:44 pm
    Permalink

    Criminals should be punished mercilessly. Otherwise this would be a practice.

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close