අද සිට විදුලිය කැපේ / චීන්නු එන තෙක් හදන්නත් බාධා

නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ ජනන කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වීම හේතුවෙන්  අද (17 දා) සිට විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්‌ඩලය පවසනවා.

මෙගාවොට්‌ 900 ක විදුලි ධාරිතාවක්‌ ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී ඇති බැවින් මෙම තත්ත්වය මතුවන බවයි විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ.

පෙරේදා (15 දා) උදැසන 10.46 ට පමණ කොත්මලේ සිට අනුරාධපුර විදුලි උපපොළ දක්‌වා විදුලිය රැගෙන යන කිලෝවොට්‌ 220 රැහැන් පද්ධතියේ සිදුවූ බිඳවැටීමක්‌ හේතුවෙන් නොරොච්චෝල තාප බලාගාරයේ ස්‌වයං ආරක්‍ෂක පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී තිඛෙනවා.

බලාගාරයේ ස්‌වයංක්‍රිය ආරක්‍ෂක පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමඟ බලාගාරය ඇතුළත සුළු හානිවීම් සිදුවී ඇති අතර හුමාලය ගෙන යන නළවලට ද හානි දුව ඇති බවයි වාර්තාවන්නේ.

මෙගාවොට්‌ තුන්සියය බැගින් විදුලි ජනන පද්ධති කොටස්‌ 03 කින් නොරොච්චෝල තාප බලාගාරය සමන්විත අතර මෙම විදුලිය බිඳවැටීම් හේතුවෙන් බලාගාරයේ පළමු මෙගාවොට්‌ 300 ජනන පද්ධතිය ක්‍රියාත්මක කිරීමට දින 5 ක පමණ කාලයක්‌ ගතවන බව ද දෙවැනි පද්ධතිය ක්‍රියාත්මක කිරීමට දින 07 ක පමණ කාලයක්‌ ගතවන බව ද ලංකා විදුලිබල මණ්‌ඩලය පවසයි.

බලාගාරයේ තුන්වැනි ජනන පද්ධතිය ක්‍රියාත්මක කිරීමට මාසයක පමණ කාලයක්‌ ගතවිය හැකි බව ද ඒ සඳහා විදුලි ජනන යන්ත්‍රවල නිෂ්පාදකයන් වන “චයිනා මැෂිනරි ඉක්‌විප්මන්ට්‌ කෝපරේෂන්” සමාගම ද ශ්‍රී ලංකාවට ගෙන්වීමට සිදුවන බව ද ලංකා විදුලිබල මණ්‌ඩලය සදහන් කළා.

කොත්මලේ සිට අනුරාධපුර දක්‌වා දිවෙන විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය බිඳවැටීමත් සමඟ උතුරු, උතුරුමැද, නැගෙනහිර පළාත්වල අනුරාධපුරය, වවුනියාව සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල විදුලි සැපයුම බිඳවැටුණු අතර එය මේ වන විට යථා තත්ත්වයට කර තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close