අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ඉල්ලා අස්වීම පිළිගනී

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සදහා යොමුකළ ලිපිය ජනාධිපති ලේකම්වරයා විසින් පිළිගෙන තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයකු සදහන් කළේ ජනාධිපති ලේකම්වරයා විසින් එය පිලිගැනීමත් සමග අදාළ ඉල්ලා අස්වීමේ නීත්‍යානුකූල බවයි .

රාජ්‍ය සේවයේ ප්‍රධාන නිලධාරියා වන ජනාධිපති ලේකම්වරයාට එවන් පිලිගැනීමක් සිදුකිරීමේ අයිතිය ඇකති බවද එම ප්‍රකාශකයා සදහන් කළා.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති බවයි රජයේ ආරංචි මාර්ග අනාවරණ කළේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු ත්‍රිවිද හමුදාපතිවරුන් පරීක්ෂණවලට අදාළව තමන්ට නොදන්වා අධිකරණයට ගෙනයාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශය පිළිබඳ විවිධ මත පලවුණා.

එහිදී අල්ලස් කොමිසම දැඩිව විවේදනයට ලක් කිරීමටයි ජනාධිපතිවරයා පියවර ගත්තේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අල්ලස් ‍හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පසුගිය වසරේ පෙබරවාරී 11 වැනිදා පත් කරනු ලැබුවා.

මාධ්‍ය පාර්ශවයෙන් බලන කළ ඇය සිය තනතුරේ කටයුතු මනා වගකීමකින් ඉටු කළ අතර දූෂිතයින් මැඩීම සදහා ඇය පුද්ගලිකවම කැපවී කටයුතු කළ ආකාරයද පසුගිය සමයේ දැකගත හැකිවුණා.

ආසියාවේ විශාලම අල්ලස් මුදල සම්බන්ධ වැටලීමද දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ මැදිහත්වීමෙන් සිදුකරන ලද්දක්.

එසේ කැපවීමෙන් කටයුතු කළ නිලධාරිනියක්ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අපගේ කණගාටුව.

One thought on “අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ඉල්ලා අස්වීම පිළිගනී

  • October 18, 2016 at 5:29 am
    Permalink

    ආංඩුවේ කඩාවැටිම ආරම්බ වේ,

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close