මහනුවර දෙල්තොට පොලවෙන් ගින්දර මතුවෙයි (Video)

october 18මහනුවර – දෙල්තොට – බෝපිටියවත්ත ප්‍රදේශයේ අතහැර දැමූ කුඹුරක මතුපිට පස් තට්ටුවේ තට්ටුව අසාමාන්‍ය ලෙස රත්වී  ප්‍රදේශය පුරා දුමාරයක් පැතිර යාම පිළිබදව පාර්ශව රැසක අවධානය යොමුකර තිබෙනවා.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයද ඊට අදාළව පරීක්ෂණයක් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි ප්‍රකාශ කළේ.

මෙම ස්ථානයේ පොලව අභ්‍යන්තරයේ පවතින කිසියම් ඛනිජ වර්ගයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවූයේදැයි සැකයක් මතුව තිබෙනවා.

මෙම ස්ථානයේ කිසිදු ගිනි තැබීමකින් තොරව පවා අඛණ්ඩව දුමාරයක් පවතින අතර ඒ පිළිබද අවට ජනතාවද දැඩිව විමසිල්ලෙන් පසුවන බවයි වාර්තාවන්නේ.


4 3 2 1

 

ඔබගේ අදහස අපට කියන්න

Close