ලොව දෙවන වේගවත්ම මිනිසාගේ දියණිය ඝාතනය කරලා

අමෙරිකානු සුපිරි කෙටි දුර ධාවන ශූර Tyson Gay ගේ දියණිය Trinity Gay වෙඩි වැදීමෙන් මරණයට පත්ව තිබෙනවා.  15 ක් වියේ පසුවූ ඇය කෙන්ටකි ප්‍රාන්තයේ අවන්හල් රථගාලකදී දෙපිරිසක් අතර හටගත් ගැටුමකට මැදිවීමෙන් මෙසේ මරණයට පත් වුණා.

මීටර් සියය ඉසව්වේ අමෙරිකානු ශූරයා පමණක් නොව ලොව දෙවන වේගවත්ම මිනිසා යන විරුධාවලිය මේ වනවිට හිමිව තිබෙන්නේ ද ටයිසන් ගේ හටයි.

ඔහු දෙවන වන්නේ සුපිරි කෙටි දුර ධාවන ශූර ජැමෙයිකාවේ උසේන් බෝල්ට් හට පමණයි.
ඔහුගේ දියණියගේ හදිසි මරණය සම්බන්ධයෙන් මළල ක්‍රීඩා ලෝකයේ දැවැන්තයින් රැසක්ම ශෝකය පල කරමින් සිටිනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close