හිටපු ජනපතිගේ ඥාතී තිරුකුමාරන් නඬේෂන්ට අධිකරණයෙන් ඇප

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් තිරුකුමාර් නඩේෂන් මහතා ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ තිරුකුමාර් නඩේෂන් මහතා පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

පූගොඩ මහේස්ත්‍රාත් ජී.ඒ රුවන් පතිරණ මහතා නියෝග කර ඇත්තේ සැකකරු රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි.

සිද්ධියට අදාළ නඩුව ලබන වසරේ ජනවාරි 10 වනදා යළි කැඳවෙනවා.

මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා වත්කම් උපයාගත් ආකාරය හෙළි නොකිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් තිරුකුමාර් නඩේෂන් මහතා අද පෙරුවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම ඉඩම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවටයි මුලින්ම ප්‍රකාශ වුණේ.
ඔහු එම ඉඩම තමන්ගේ නොවන බව පැවසීම හේතුවෙන් එම ඉඩම වෙන්දේසි කිරීමට අධිකරණය නියෝග කළා.
තිරුකුමාරන් නඬේෂන් මහතා රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියකුද වනවා.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close