අගමැති රනිල් චොකලට් හදයි

බෙල්ජියමේ, බ්‍රසල්ස් නුවර සංචාරය කරන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස 17 වන දා සන්ධ්‍යාවේ ලොව්රාන් ජබාඩ් (Laurent Gerbaud) චොක්ලට් නිෂ්පාදනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

චොක්ලට් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධාන අමු ද්‍රව්‍යයන් බෙල්ජියමෙහි නැතත්, 17 වන සියවසේ සිටම චොක්ලට් නිෂ්පාදනය සම්බන්ධව ඉදිරියෙන්ම සිටින රාජ්‍යයක් ලෙස බෙල්ජියම හැදින්විය හැකියි .

එම ආයතනයට පැමිණි වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස පිළිගන්නා ලද්දේ එහි අධිපති ලොව්රාන් ජබාඩ් මහතා විසිනි. තම ආයතනය සම්බන්ධ තොරතුරු හෙළි කළ ජබාඩ් මහතා,ශ්‍රී ලාංකේය කුළුබඩු භාවිත කරමින් රස ගන්වන චොක්ලට් නිෂ්පාදනය කිරීම සම්බන්ධව පැහැදිලි කර තිබෙනවා.

එවැනි චොක්ලට් සාදන ආකරය පෙන්වා දුන් ජබාඩ් මහතා, වික්‍රමසිංහ මහතාට ද චොකලට් සෑදීමට ආරාධනා කළ අතර වික්‍රමසිංහ මහතා ඊට සිය එකගතාවය පල කර තිබුණා. පසුවඅගමැතිවරයා  චොකලට් සෑදීමට එක්වූ අතර, එය ඒ අවස්ථාවට එක්වූ සියළු දෙනාටම සොඳුරු අත්දැකීමක් විය.

pm-chocalate

ඔබගේ අදහස අපට කියන්න

Close