අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය හොද පිළිතරක් දුන් බව පුරවැසි බලය කියයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට ලබා දුන් හොඳ පිළිතුරක් බව පුරවැසි බලය සංවිධානයේ ගාමිණී වියන්ගොඩ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ මෙය යහපාලනය රජයේ වසර දෙකක කාලය තුල මතුවූ බරපතලම කළු ලපයක් බවයි.
අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ඉල්ලා අස්වීම එම සාහසික ප්‍රකාශයට දුන් කදිම පිළිතුරක් බව පවසන ප්‍රවීන ලේඛක ගාමිණී වියන්ගොඩ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මගින් කොන්ද නොනමා වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ට නිදහසේ වැඩකිරීමේ පරිසරය අසුරා දමා ඇති බවත් සඳහන් කළා .
කෙතරම් බරපතල වරදක් සිදුකළද ඉල්ලා අස් නොවන තත්ත්වයක් තුල මෙවන් සිද්ධියක් ආදර්ශවත් තත්ත්වයක් බවයි වියන්ගොඩ මහතා කියා සිටියේ.
කෙසේ වෙතත් මෙවන් ඉල්ලා අස්වීම් තුලින් යහපාලන රජය බිද වැටීමට ඉඩ නොතැබිය යුතු බවද ඔහු අවධාරණය කළා.(BBC)

One thought on “අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය හොද පිළිතරක් දුන් බව පුරවැසි බලය කියයි

  • October 18, 2016 at 8:32 am
    Permalink

    ජාතික දේපොල මංකොල්ලා කාපු හොරුන්ට මාර චූන් ඇති.

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close