දිවි නසාගත් සැරයන්වරයාගේ දුරකථන දත්ත පරීක්ෂාවට

සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ තමා බව පවසමින් ලිපියක්‌ ලියා තබා සිය දිවි නසාගත් බුද්ධි අංශ විශ්‍රාමික සැරයන් මේජර් ඊ. එදිරිසිංහ ජයමාන්න (52) මහතාගේ ජංගම දුරකථනයට ලැබුණු දුරකථන පණිවුඩ සොයා ගැනීම සඳහා රහස්‌ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිඛෙනවා.
මෙම මරණය සිදුවූ දවසේ ඔහුට දුරකථන පණිවුඩ දුන් පුද්ගලයන්ද පරීක්‌ෂණ කටයුතු සඳහා ඉතා වැදගත් බවයි ප්‍රකාශ වී ඇත්තේ .
මෙම තැනැත්තා සැහැල්ලුවෙන් ජීවිතය ගත කළ අයකු බව ප්‍රකාශවී ඇති අතර අනෙක් පුද්ගලයින්ට උපකාර කිරීමට නිරන්තරයෙන්ම කැපවූ අයෙක් බවයි පැවසෙන්නේ.

ඔහු ජීවත්වූ ප්‍රදේශයේ විවිධ සමිති සංවිධාන සමග පවා සක්‍රීයව කටයුතු කර ඇති බවයි සදහන් වන්නේ.

කෙසේ වෙතත් 2009 වසරේදී සිදුවූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය 2007 වසරේදී විශ්‍රාම ගිය මෙම තැනැත්තා විසින් සිදුකළ බව පැවසීම ගැටලුකාරී වී තිඛෙනවා.
ඒ ඇතුලු තවත් කරුණු කිහිපයක් පිළිබදයි මෙසේ පරීක්ෂණ සිදුවන්නේ.

One thought on “දිවි නසාගත් සැරයන්වරයාගේ දුරකථන දත්ත පරීක්ෂාවට

  • October 18, 2016 at 1:18 am
    Permalink

    කුමන්ත්‍රිනයක් conspiracy

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close