වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවේ / වර්ජන අවසන්

වතුකම්කරුවන්ගේ  රුපියල් හත්සිය තිහක වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු අවබෝධතා ගිවිසුමට අද අත්සන් තැබුණා.

වතුහාම්පුතුන්ගේ සංගමය හා වතු ඒකාබද්ධ වෘත්තිය සමිති අතර වු වසර දෙකට වලංගු අවබෝධතා ගිවිසුම අත්සන් කළ බවයි   ලංකා කම්කරු කොංග‍්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හා මධ්‍යම පළාත් හින්දු අධ්‍යාපන අමාත්‍ය එස්.රමේෂ් මහතා සදහන් කළා.

මෙම අවබෝධතා ගිවිසුම සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍යංශයේදි අත්සන් කර තිබෙනවා.

ලංකා කම්කරු කොංග‍්‍රසය මගින් මෙම අවබෝධතා ගිවිසුමට වතුකමිකරුවන්ට වසරකට දින තුන්සියක් වැඩ ලබා දිය යුතු බවත් දැනට කැලෑ බවට පත්වි ඇති ඇතැම් තේ වතු මාස හයක් වැනි කාලයක් තුල සම්පුර්ණයෙන්ම ශුද්ධ පවිත‍්‍රකර තේ වගාව යලිත් නගා සිටුවිය යුතු බවත් තේ දළු නෙලමින් සිටින වතුකම්කරුවන්ට ඇතැම් අවස්ථා වල එල්ල වන බඹර ප‍්‍රහාර වලදි එම වැටුප ඔහුන් නැවත සේවයට පැමිණෙන තෙක් ඔහුන්ට වැටුප් ගෙවිම යන යෝජනා වලට වතුහාමිපුතුන්ගේ සංගමය එකගවිම නිසා එම අවබෝධතා ගිවිසුමට ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහා ලේකම් නුවරඑළිය දිස්ති‍්‍රක් පාර්ලිෙමින්තු මන්ති‍්‍ර ආරුමුගම් තොන්ඩමන් මහතා අත්සන් කළ බවයි ලංකා කමිකරු කොංග‍්‍රසය පැවසුවේ.

මෙම අවබෝධතා ගිවිසුම අනුව වතුකමිකරුවන්ගේ හිග වැටුප් නොලෙබෙන අතර දිනකට රුපියල් දහසක වැටුප් ඉල්ලා දිවයිනේ විවිධ ප‍්‍රදේශවල වතුකමිකරුවන් වැඩ වර්ජන හා උද්ඝෝෂණ ව්‍යාපාරද පැවැත්වුවා.

ඔබගේ අදහස අපට කියන්න

Close