උසාවිය නිහඩයි වාරණය අද යළි සලකා බැලෙයි

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටය තිරගතවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය පසුගියදා වාරණයක් නිකුත් කල අතර එම වාරණයට එරෙහිව අද කොළඹ දිසා අධිකරණය ඉදිරිපට දී නිශ්ශබ්ද විරෝධතාවයක් පැවැත්වීමේ සුදානමක් ඇතැයි වාර්තාවනවා.

ඒ, සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා සමාජ ජාල ක්‍රියාකාරීන්ගේ මෙහෙයවීමෙනි.

මෙම චිත්‍රපටය තිරගතවීම වළක්වා ඇත්තේ හිටපු මහේස්ත්‍රාත්වරයකු වන ලෙනින් රත්නායක තමා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මෙම චිත්‍රපටයේ සඳහන්වන බව කියමින් ගොනු කර තිබූ පෙත්සමක් හේතුවෙනි.

එම පෙත්සම සලකා බැලූ කොලඹ දිසා අධිකරණය ඊට අදාළව තාවකාලික වාරණයක් නිකුත් කළා.
ඒ පිළිබද අද යළි සලකා බැලීමට නියමිතයි.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න

Close