ජනපතිගේ ප්‍රකාශය ගැන මාධ්‍ය වාර්තාවලට රාජිත දොස් කියයි

ජනාධිපතිවරයා විසින් පසුගියදා සිදුකල ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ වැරදි ආකාරයෙන් විකාශය කර ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද චෝදනා එල්ල කළා. ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. එහිදී මාධ්‍යවේදීන් කියා සිටියේ ජනාධිපති මාධ්‍ය අංශය විසින් අදාළ නිවේදනය නිකුත් කළ බවයි. එහෙත් ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය මාධ්‍ය විසින් විකාශය කිරීම පිළිගත නොහැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පැවති රජයේ වංචා දූෂණ සම්බන්ධයෙන් පරික්ෂණ අත්හිටුවන්නැයි ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බවද මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න