නොරොච්චෝලේ අධියරක් සක්‍රීය කෙරේ – විදුලි කප්පාදුව අවසන්

නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රියවීම හේතුවෙන් සිදුකෙරුණු විදුලි කප්පාදුව අත්හිටුවා  තිබෙනවා.
විදුලි බල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ බලාගාරයේ දෙවන අධියර යලි සක්‍රීය කිරීමට සමත්වීම හේතුවෙන් මෙම කප්පාදුව අත්හිටුවන බවයි.
ඒ අනුව අද රාත්‍රියේද විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ.
පසුගියදා නොරොච්චෝලේ බලාගාරයේ අධියර 3ම අක්‍රීය වුණේ එහි කොටසක් පුපුරා යාම හේතුවෙන්.
කඩිනමින් එහි අනෙක් අධියර 2ද සක්‍රීය කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඔබගේ අදහස අපට කියන්න

Close
%d bloggers like this: