එජාප නායකයා ගැන බොරු කී මනූෂට වැඩ වරදින ලකුණු

2015 මහ මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ උතුරු පළාතේ ඊළම පිහිටුවීමට ගිවිසුම් ගතව ඇති බවට පුද්ගලික රූපවාහිණි නාලිකාවක පැවැති විවාදයකට එක් වෙමින් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස මනුෂ නානායක්කාර සිදු කළ ප්‍රකාශය සම්බන්ධ නඩු ගොනුව නිතිපතිවරයාට යොමු කොට ඇති බැවින් නඩුවේ ඉදිරි ප්‍රගතිය දැනුම් දෙනලෙසත් නඩුව බහා තැබීමටත් කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය (18) නියෝග කර තිඛෙනවා.

මනූෂ නානායක්කාර මහතා මේ වනවිට වත්මන් ආණ්ඩුවේ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා වන අතර එවකට ඔහු ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකි. මනූෂ නානායක්කාර මහතා එම විවාදයට එක් වෙමින් යාපනය දිස්ත්‍රික් මන්ත්‍රිනි විජයකලා මහේෂ්වරන් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය භාවිතා කරන ලෙසට උතුරු පළාතේ ජනතාවට පවසා ඇති බවත් ඒ සම්බන්ධයෙන් එම මන්ත්‍රිවරිය 2012 ජුලි මාසයේ හින්දු පවුත්පතට ප්‍රකාශයත් සිදු කර ඇති බවත් ප්‍රකාශ කර ඇති බවට අමාත්‍ය අජිත් පී පෙරේරා සිදු කළ පැමිණිල්ලකට අනුව විමර්ශණ සිදු කළ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දී තිබුණා.

ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී හින්දු පුවතේ එලෙස ප්‍රවෘත්තියක් පළ වී නැති බව අනාවරණය වූබවත් මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්කාරගෙන්ද ප්‍රකාශයක් ලබා ගත් බවත් පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිරණයට දැනුම් දී තිඛෙනවා.

ඒ නුව සිද්ධිය සම්බන්ධ ප්‍රගතිය අධීකරණයට දැනුම් දෙන ලෙස පවසා ඇති මහේස්ත්‍රාත්වරිය එතෙක් නඩුව බහා තැබීමට නියෝග කර තිබුණා.

ඔබගේ අදහස අපට කියන්න

Close