කූට ලේඛන නඩුවට තිස්ස අත්තනායක රිමාන්ඞ්

කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ලබන දෙසැම්බර් 5 වනදා තෙක් අද රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
ඒ පසුගිය ජනාධිපතිවරණ සමයේ කූඨ ලේඛන සකස් කිරීම හරහා ජනාධිපතිවරණ ප්‍රථිඵලයට බලපෑම් කිරීම / ජනවාර්ගික සමගියට බලපෑම් කිරීම හා ජාත්‍යන්තර සිවිල් දේශපාලන අයිතිය පිළිබඳ සම්මුතිය උල්ලංඝනය කිරීම යන චෝදනා මතයි.
කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය විසින් මෙම නියෝගය ලබා දෙනු ලැබුවා.
එහිදී ජාත්‍යන්තර සිවිල් දේශපාලන අයිතිය පිළිබඳ සම්මුතිය උල්ලංඝනය කිරීම සම්බන්ධ චෝදනාවන් අනුව හිටපු මන්ත්‍රීවරයාට ඇප ලබා දිය නොහැකි බවයි අධිකරණය ප්‍රකාශ කළේ.
ඉකුත් ජනාධිපතිවරණය ආසන්න දිනයකදී තිස්ස අත්තනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ඉදිරිපත් වුණා.
ඒ අනුව පැවැති රජයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරයද හිමිවූ ඔහු කෙටි කාලයක් එම ධුරය දරනු ලැබුවා.
එම අවස්ථාවේදීයි ඔහු විසින් පොදු අපේක්ෂකයා සහ දෙමල සන්ධානය අතර රහස් ගිවිසුමක් ඇති බවට අදහස් පල කරනු ලැබුවේ.
ඊට අදාළව සකස් කළ ලිඛිත ලේඛනයක් ඔහු මාධ්‍ය වෙතද ඉදිරිපත් කරනු ලැබුවා.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close