මල සිරුරු නිසා කොළඹ මහ රෝහලේ පැතිරුණු දුර්ගන්ධනය පිළියම්

කොළඹ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතකරණයේ ධාරිතාවය මදිවීම ඇතුළු ගැටළු හේතුවෙන් මහ රෝහලේ බරපතල දුර්ගන්ධයක් පැතිර ගිය බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කර තිඛෙනවා.
ඒ බී බී සී සංදේශයට අදහස් දක්වමින්.
කෙසේ වෙතත් මේ වන විට එම තත්ත්වයට පිළියම් යොදා ඇති බවයි අධ්‍යක්ෂකවරයා සදහන් කළේ.

“එය වලක්වා ගැනීම සඳහා අපිට විවිධ ක්‍රියාමාර්ග ගැනීමට සිද්ද වුනා. දැන් වෙනකොට ඒ තත්වය පාලනය වෙලා තියෙනවා,”

පොලිසිය විසින් රෝහලේ මෘත ශරීරාගාරයට ගෙන එනු ලබන හඳුනා නොගත් මළ සිරුරු භාර නොගැනීමේ තීරණය තීරණය තාවකාලික එකක් බවයි  වෛද්‍ය ජාසිංහ මහතා කියා සිටියේ.

නඩත්තු කටයුත්තක් සඳහා ශීතකරණයේ මෘත ශරීර ඉවත්කිරීමට අවශ්‍ය වූ බැවින් එවැනි තාවකාලික තීන්දුවක් ගැනීමට තමන්ට සිදු වූ බවත් ඔහු සදහන් කළා.

“මෙහි ගැටළුව වෙන්නේ පොලිසියෙන් ගෙනෙන මළ සිරුරු ඇතැම්විට මාස අටක්, අවුරුද්දක් වගේ කාලයක් මේ ශීතකරණවල පවත්වාගෙන යාම,”

එම මෘත ශරීර ඉවත්කරගැනීමේ ක්‍රියාදාමයේ ප්‍රමාදයන් හේතුවෙන් බොහෝ මෘත ශරීර රෝහලේ ශීතකරණවල ගොඩ ගැසී තිබුණු බවත් ඔහු සඳහන් සදහන් කළා. (BBC)

ඔබගේ අදහස අපට කියන්න

Close