මාර්ක් ටේවන්ගේ හොල්මන් නිවස ලෝකයට විවෘතයි

ලොව ප්‍රකට ලේඛකයකු වන මාක් ටේවන් පිළිබදව ඔබ අසා ඇති බවට කිසිදු සැකයක් නැත .ටොම් සෝයර් මෙන්ම , හකල්බරි ෆින් යන චරිතද මාක් ටේවන්ගේ නිර්මාණ වන බැවිනි. එහෙත් ඔහු සතු කුටි 25කින් යුතු නිවසක් හොල්මන් නිවසක් ලෙස ලොව පුරා ප්‍රචලිත බව ඔබ දැන සිටියාද ?
අමෙරිකාවේ හාට් ෆෝර්ඞ් හී පිහිටි මෙම නිවසේ මාක් ටේවන් 1874 සිට 1891 දක්වා කාලයේ දිවි ගෙවා තිබුණා. එහිදී ඔහුගේ දියණිය මරණයට පත්වීමෙන් පසු ඔහු නිවස හැරගිය බවත් යළි කිසිදා එහි නොආ බවත් වාර්තාවනවා.
මේ වන විට එම නිවස බොහෝ අවස්ථාවලද අද්භූත දර්ශන දිස්වන ස්තානයක් බවට පත්ව තිබෙනවා. කිසිවකු ජීවත් නොවන කාර්ය මන්ඩලයක් විසින් පාලනය නොකරන එම නිවසෙන් ඇතැම්විට දුම්වැටි සුවදක් හා තරුණ සුදු හැදගත් කතක් දර්ශනයවීමක් සිදුවන බවයි වාර්තාවී ඇත්තේ.
මෙම තත්ත්වය හේතුවෙන් මෙම මාසයේ සිට ලොව පුරා අද්භූත දේ සොයන සංචාරකයින්ට මෙම නිවස විවර කිරීමට තීරණය කර තිබෙනවා. මේ එම නිවසේ සේයාරූ කිහිපයක්.

ඔබගේ අදහස අපට කියන්න

Close