සිය දිවි නසාගත් බුද්ධි නිලදාරියාගේ සිරුර ගොඩ ගනී

සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ  ඝාතන වගකීම භාර ගනිමින්  සිය දිවිහානි කරගත් අයි.ජි. ජයමාන්න නැමති යුධ හමුදා බුද්ධි අංශ නිළධාරියාගේ සිරුර යළි ගොඩ ගෙන තිබෙනවා.

ඒ ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා විසින් ලබාදුන් නියෝගයක් මතයි.

කෑගල්ල මහේස්ත්‍රාත් ගිහාන් මීගහගේ මහතා ඉදිරියේ වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා එම මල සිරුර ගොඩ ගැණුනා.

ඔහුගේ දේහය පසුගියදා කෑගල්ල, පුවක්දෙණිය පොදු සුසාන භූමියේ මිහිදන් කරන කරනු ලැබුවා.

අදාළ පුද්ගලයා එම ඝාතනය භාරගනිමින් ලිපියක් ලියා තිබූ අතර ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ සිදුකරමින් පවතිනවා.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close