සිරියානු ජනපති බිරිද දේශපාලන රැකවරණ එපා කියයි

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පවුලේ සාමාජිකයින්ට දේශපාලන රැකවරණ ලබාදීමට රුසියාව කළ යෝජනාව සිරියානු ජනාධිපතිවරයාගේ බිරිද විසින් ප්‍රතික්ෂේප කර තිඛෙනවා.
රුසියානු මාධ්‍ය ආයතනයක් සමග සාකච්ජාවකට එක්වෙමින් අස්මා අල් අසාද් ප්‍රකාශ කරන්නේ දරුවන් හා තමන් සිය සැමියා අතහැර නොයන බවයි.
එසේම සිරියාවේ තත්ත්වය ඉදිරියේදී වඩාත් යහපත් වනු ඇති බවටද ඇය විශ්වාසය පල කර තිඛෙනවා.
සිරියානු ජනාධිපතිවරයාගේ පාලනයට එරෙහිව 2011 වසරේදී හටගත් කැරුල්ලෙන් පසුව සිරියාව මේ වන විට දුර්වල හා ත්‍රස්තවාදයෙන් පිරි රටක් වී තිඛෙනවා.
බෂාර් අල් අසාද් සිරියාවේ ජනපති ධූරයට පත්වූයේ 2000 වසරේදීයි.
ඒ 1971 වසරේ සිට එරට පාලනය කළ ඔහුගේ පියාවූ හෆීස් අල් ආස්ද්ගේ මරණයෙන් පසුවයි.

ඔබගේ අදහස අපට කියන්න

Close