ෙඖෂධ මිල සිකුරාදා සිට පහලට / පෙරසිටමෝල් පෙත්තක් 1යි 30යි

අත්‍යවශ්‍ය ඖෂධ 48 ක මිල අඩුකිරීම පිළිබඳ ගැසට් නිවේදනය ලබන සිකුරාදා  නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම මිල පාලනයට එරෙහිව, ඖෂධ හිඟයක් ඇතිකිරීමට සමාගම් උත්සාහ කළහොත් ඊට මුහුණදීමටද සූදානම් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

1971 වසරේ සිට ඖෂධ මිල පාලනය කිරීමට ගත් උත්සාහයන්ට විවිධ බාධා එල්ල වූ බව පෙන්වාදුන් අමාත්‍යවරයා, වසර හතළිස් පහකට පසුව හෝ එය ක්‍රියාත්මක කිරීමට හැකිවීම ගැන සතුටු වන බවයි කියා සිටියේ.
නව මිල ගණන් අනුඩ පැරසිටමෝල් පෙත්තක මිල රුපියල් 3ක සිට රුපියල් 1යි ශත 30 තෙක් අඩුවනු ඇති.
එමෙන්ම රුපියල් 50 ක මට්ටමේ පවතින ඇතැම් ෙඖෂධ රුපියල් 17 දක්වා පහත වැටෙනු ඇති.

 

ඔබගේ අදහස අපට කියන්න

Close