අය වැය විසර්ජන පනත අද පාර්ලිමේන්තුවට

(2017) වසර  සඳහා ඉදිරිපත් කෙරෙන අය වැය යෝජනාවලියට අදාළ විසර්ජන පනත් කෙටුම්පත අද මුදල් අමාත්‍යවරයා විසින්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුව රැස්‌වෙන අතර එහිදී විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි රජය ප්‍රකාශ කළේ .

මෙවර අය වැය විසර්ජන පනතෙන් රටේ ණය බර අවම කිරීමට ප්‍රමුඛතාවය ලබාදී ඇති අතර අනවශ්‍ය වියදම් රැසක්ම කපා හැර තිඛෙනවා.
ඒ අතරට ආරක්ෂක වියදම්ද ඇතුලත්.
ජනාධිපතිවරයාගේ මෙහෙයුම් වියදම් පසුගිය වසරට සාපේක්ෂව වර්ධනය කර තිඛෙනවා.

වැට්‌ බදු ඉහළ දැමීමේ යෝජනාව සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ද අද කථානායකවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුව ලබන 25 දා රැස්‌වීමට නියමිත අතර එහිදී ජ. වි. පෙ. මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් එළිදැක්‌ වූ කෝප් වාර්තාව සම්බන්ධ විවාදය පැවැත්වීමට නියමිතව තිඛෙනවා.

එම විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ විසින් වන අතර එදින දිනය පුරා ඊට අදාළ විවාදය පැවැත්වීමට නියමිතයි.

ඔබගේ අදහස අපට කියන්න

Close