ක්‍රීඩකයින් කොන්ත්‍රාත් අත්සන් නොකිරීමෙන් ක්‍රීකට් අර්බුධයක්

නව කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයන් අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළහොත් සිම්බාබ්වේ ක්‍රිකට් තරගාවලිය සඳහා නවක ක්‍රීඩකයන්ගෙන් යුත් කණ්ඩායමක් යොමුකෙරෙනු ඇති බවට වාර්තා පලවනවා.
මේ වන විට ජ්‍යෙෂ්ට ක්‍රීඩකයින් කොන්ත්‍රාත්තු අත්සන් කිරීමෙන් වැලකී සිටීමයි මෙම තත්ත්වයට මුල්වී ඇත්තේ.

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වාර්ෂික ගෙවීම සියයට දහයකින් වැඩි කරන ලෙසත් තරගාවලියක් වෙනුවෙන් ලැබෙන සහභාගිත්ව මුදලෙන් සියයට දහයක් තමන්ට ලබා දෙන ලෙසත් ක්‍රීඩකයන් ඉල්ලා සිටින බවයි වාර්තාවී ඇත්තේ.

කෙසේ නමුත් මෙම ඉල්ලීම්වලට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය එකඟ වී නැහැ.

නව කොන්ත්‍රාත්තුවට අත්සන් තැබීම සඳහා ක්‍රීඩකයන්ට හෙට (ඔක්.20) වනතුරු කල් ලබා දී ඇති අතර එසේ නොකළහොත් ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණයක් ගැනීමට පියවර ගනු ඇති.

ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ට ගෙවන මුදල් ප්‍රමාණය අඩු කර, ලබාගන්නා ලකුණු සහ කඩුලු ප්‍රමාණය අනුව ඔවුන්ට ගෙවීම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා යෝජනා කළා.

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට දක්ෂතා අනුව මුදල් ගෙවීමටත් දේශීය තරග සඳහා ක්‍රීඩාකරන ක්‍රීඩකයන් වෙනුවෙන් යම් මුදලක් වෙන් කිරීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති තීරණයට ක්‍රීඩා ඇමතිවරයාගේ ද එකඟතාවය පළ කරනු ලැබුවා.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close